අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත අගමැතිනිය රැඳවුම්භාරයට

    මැයි 24, 2014

    තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය යින්ලක් ශිනවත්‍රා මැතිනිය ඊයේ රැඳවුම් භාරයට ගෙන තිබෙන බවත් ඊයේ රාත්‍රියේ ද ඇය හමුදා භාරයේ පසු වූ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.


    ඇය සමඟ තවත් දේශපාලඥයන් සියයකට අධික පිරිසක් එරට අත්පත් කරගත් හමුදා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ  හමුදා මුලස්ථානයට කැඳවීමට නියෝග කිරීමෙන් පසු ව බව ද වාර්තා වේ. හමුදා මූලස්ථානයට සාකච්ඡාවට කැඳවු සියලු පක්ෂවලට අයත් දේශපාලඥයින් 154 දෙනෙකුට රටින් පිටව යාම ද තහනම් කර තිබේ.


    කෙසේ වෙතත් මේ වනවිට හමුදා නීතියට එරෙහිව තායිලන්ත වැසියන්ගේ විරෝධතා උත්සන්න වෙමින් පවතින අතර මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් තායි වැසියන් වීදි බැස හමුදාවට එරෙහිව උද්ඝෝෂණවල ද නිරතවන බව වාර්තා වේ.


    අමෙරිකාව තායිලන්තයට ලබාදෙන ඩොලර් මිලියන 3.5ක හමුදාමය ආධාර අත්හිටුවා ඇති අතර වහාම රට තුළ සිවිල් පරිපාලනය ස්ථාපිත කරන ලෙස යුදහමුදාවට දන්වා තිබේ.


    මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි පවසා ඇත්තේ තායිලන්ත හමුදාව කටයුතු කර ඇති ආකාරය කිසි සේත් සාධාරණීකරණය කළ නොහැකි බවය.


    HC

    Thai situation 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya