එතුමා මේ ඡන්දය කිසිදු ගැටලුවකින් තොර ව කිසිදු අභියෝගයකින් තොර ව ජයග‍්‍රහණය කරන බව ඒකාන්තයි යනුවෙන් ද උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දවුලගල ඩී.බී. විජේතුංග සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ‘දිවි නැගුම ජීවනාධාර ලබාදීමේ ව්‍යාපෘතියෙන්’ රුපියල් කෝටි දෙකක ජීවනාධාර ලබාදීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.
"අද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව පවුලෙන් පවුලට ආධාර කරමින්, පවුලෙන් පවුල නංවන ක‍්‍රියාදාමයේ මූලික පදනම යටතේ ඔබට ලැබෙන නොයෙකුත් ජීවනාධාර තමුන්ගේ ආදායම වැඩිකර ගන්නට, ව්‍යාපාරය දියුණු කර ගන්නට, නිෂ්පාදන පරිමාව වැඩිකර ගන්නට, අලුත් නිෂ්පාදන පටන් ගන්නට දිවි නැගුම යටතේ ආධාර දීම තමයි මේ ව්‍යාපාරයේ මූලික ම කටයුත්ත".
"ගමක් ගමක් වශයෙන් දියුණු කරමින්, නගරයක් නගරයක් වශයෙන් දියුණු කරමින් අද රටට බද්ධ වෙලා තිබෙන මෙම ව්‍යාපාරය රට පුරාම ක‍්‍රියාත්මකයි. රාජපක්ෂ යුගය 2005 ආරම්භ කරන කොට පුර නැගුම, ගම නැගුම, මඟ නැගුම තබා පාසලකට රටහුණු කැබැල්ලක් ලබා දෙන්නට, ඉස්පිරිතාලයකට පැනඩෝල් පෙත්තක් ලබා දෙන්නට, කොන්ක‍්‍රීට් පාරවල් හෝ කාපට් පාරවල් තබා කොළඹ - නුවර පාරේ වලක් වහගන්න තාර ටිකක් දෙන්නටවත් සල්ලි තිබ්බේ නැහැ.
මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ දිනවල ලෝකය වටේ ගියා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ගන්නට. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝ කොමිසම, යුනෙස්කෝව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජපානයේ ජයිකා, කොරියාවේ කොයිකා මේ කිසිම ආයතනයක් අපට ණය දෙන්නට කැමති වුණේ නැහැ. ඒකට හේතුව ඒ වනවිට චන්ද්‍රිකා, රනිල් රටේ ආදායමට වඩා ණය ප‍්‍රමාණය වැඩි කරලා තිබුණු නිසා. ඒ නිසා බැංකුවලින් ණය ඉල්ලන්න අපට සිදු වුණා. බැංකුවලින් ණය දුන්නේ 7% , 8% පොලියට. අවසානයේ HSBC බැංකුව පමණක් එකඟ වුණා අපට ණය ලබා දෙන්නට. ඒත් සියයට 7 පොලියට. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය බැංකුව ඉස්සරහට ගිහින් පෙළපාළි ගියා. ණය දෙන්න එපා. දුන්නොත් ඒ ණය අපි ගෙවන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබුණේ බහුතර ආණ්ඩුවක් නොවෙයි. සන්ධානෙට තිබ්බේ ආසන 105යි. එක්සත් ජාතික පක්ෂයට ආසන 109ක් තිබුණා. හෙළ උරුමයට 11ක් තිබුණා. කථානායක පවා හිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කළ වි.ජ.මු. ලොකු බණ්ඩාර මැතිතුමා. මේ සුළුතර ආණ්ඩුව නිසා ම ඒ අය උද්ඝෝෂණය කළා දෙන්න එපා කියලා ණයක්. නමුත් අවසානයේ අපි ණය ගත්තා.
2007, 2008, 2009 වර්ෂයන්හි දී ලෝක ආර්ථික අර්බුදයට, ආහාර අර්බුදයට සහ ලෝක තෙල් අර්බුදයට මුහුණ දෙමිනුත් ආර්ථිකය සියයට 3 තබාගන්නට සමත් වුණා. ඒ වනවිට චීනයේ, ඉන්දියාවේ, බංගලාදේශයේ, වියට්නාමයේ, පාකිස්ථානයේ මිනිසුන් ආහාර නැතිව දහස් ගණන් මැරුණා. නමුත් ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 නවත්වා ගන්නට එතුමා සමත් වුණා.
ඇමෙරිකාවේ, බි‍්‍රතාන්‍යයේ, ප‍්‍රංශයේ, ජර්මනියේ බැංකු විශාල වශයෙන් වැහුණා. කර්මාන්ත ශාලාවලින් සේවකයන් බුරුතු පිටින් දොට්ට දැම්මා. නමුත් අපි ස්ථාවරව සිටියා. 2014 වසරේ පළමු කාර්තු දෙකේ ම අපේ ආර්ථික වර්ධන වේගය සියයට 7.7 තබාගෙන සිටින්නට අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් වුණා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ඡන්දය කිසිදු ගැටලුවකින් තොර ව කිසිදු අභියෝගයකින් තොර ව ජයග‍්‍රහණය කරන බව ඒකාන්තයි යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර, උඩුනුවර ප‍්‍රාදේශීය සභාවේ සභාපති බන්දුල සෙනෙවිරත්න, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරු වන ලෝචන පෙරුම්බුලිආරච්චි, උපසේන රාජනායක, ආනන්ද ඒකනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.
DB