අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයේ තිරප්පනේ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රාදේශයේ එ.ජ.නි. සන්ධාන ක‍්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා තිරප්පනේ ශ‍්‍රී.ල.නි.ප. කාර්යාලයේ පැවැති සම්මන්ත‍්‍රණය අමතමිනි.
එහි දී ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය. විසිනම වතාවක් අන්ත පරාජයට පත් වූ එ.ජා.ප. නායකයා පසුගිය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජාම බේරාගත්තා. මෙවර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමඟ තරග කොට අන්ත පරාජයක් පත්වන බව තේරුම් ගෙන ඇඟ බේරාගැනීම සඳහා ශ‍්‍රී.ල.නි. පක්‍ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස නම් කොට ජනාධිපති තරගයට ඉදිරිපත් කළා. ශ‍්‍රී ලංකාව අස්ථාවර කොට එල්.ටී.ටී.ඊ. කොටි ත‍්‍රස්තවාදීන්ට උතුරු, නැගෙනහිර යළි ඊළාම් රාජ්‍යයක් ලබා දීම උදෙසා බටහිර රාජ්‍යයන් විසින් සිදු කරනු ලබන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා, රනිල්ගේ ගැටේට අහුවණා. බලතන්හාව නිසා මෛත‍්‍රී ජනාධිපතිතුමා සමඟ සටනට ඇවිත්. තිස් වසරක කුරිරු යුද්ධයට අභීතව මුහුණ දෙමින් බටහිර රාජ්‍යයන්ගේ තර්ජන, ගර්ජන ඉදිරියේ දණින් නොවැටී රටත් ජාතියත් වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට අභියෝග කිරීමට තරම් ආත්ම ශක්තියක්, ආත්ම ධෛර්යක් ඇති, ආත්ම විශ්වාසයක් ඇති දේශපාලඥයෙකු තවම මේ රටේ ඉපදී නැති බව ද අමාත්‍යවරයා කීය.
ජනාධිපතිවරණ සටන ඇරඹීමත් සමඟ ඇතැම් මාධ්‍ය ආයතන උදේට කියන දෙය හවසට වෙනස් කරමින් මඩ ප‍්‍රචාර ගෙන යමින් කට කතා පතුරවමින් සිටියත් මේ රටේ ජනතාව ත‍්‍රස්තවාදය හේතුවෙන් විඳි අනන්ත, අප‍්‍රමාණ දුක්ගැහැට අමතක කර නැතැයි ද පඹයන්ට වීරයන් විය නොහැකි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් උරුම ශ‍්‍රී ලාංකික ජාතිය පක්‍ෂ, ආගම් හා ජාති භේදයන්ගෙන් තොරව ජනාධිපතිතුමා සමඟ එක්වීම කිසිදු ජගතෙකුට වැලැක්විය නොහැකි බව ද කීය.
දි.මු. ජයරත්න මැතිතුමාගේ අගමැතිකම මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු වුණා. එය නොලැබීම නිසා මෛත‍්‍රීපාල එ.ජා.ප.ය සමඟ එක්වුණා. දි.මු. ජයරත්න මාමාගේ අගමැතිකම එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා දුමින්ද දිසානායක බෑනා එ.ජා.ප.ය සමග එක්වීම දෛවයේ සරදමක් බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
NDH/HC