නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම පිළිබඳ යාවත්කාලීන කිරීම - 2014 නොවැම්බර්

    දෙසැම්බර් 01, 2014

    2014 නොවැම්බර් මාසය තුළ දී, බැංකු සහ මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් (බැංකු නොවන මූල්‍ය ආයතන) මූල්‍ය අංශය ඒකාබද්ධකරණ ක‍්‍රියාවලියේ තවදුරටත් ප‍්‍රගතියක් අත්පත් කරගන්නා ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.


    මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ‍්‍රී ලංකා පීඑල්සී, එම්සීඑස්එල් ෆිනෑන්ෂියල් සර්විසස් ලිමිටඩ් සහ එම්බීඑස්එල් සේවින්ග්ස් බෑන්ක් ලිමිටඩ් අතර යෝජිත ඒකාබද්ධවීම අවසන් අදියරට ළඟා වී ඇත. අවශ්‍ය අනුමැතියන් කොටස් හිමියන්ගෙන් ලබාගන්නා ලද අතර ඒකාබද්ධිත ආයතනය, 2015 වසරේ සිට ලියාපදිංචි මූල්‍ය සමාගමක් ලෙස ක‍්‍රියාත්මක වීමට නියමිතය. ඩීඑෆ්සීසී බැංකුව, නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී සහ ඩීඑෆ්සීසී වර්ධන බෑන්ක් පීඑල්සී අතර යෝජිත ඒකාබද්ධවීමට පහසුකම් සැපයීමේ පනත නීතිගත විය.

    මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක‍්‍රියාවලිය යටතේ සිදු කරන ඒකාබද්ධවීම් සහ අත්පත්කර ගැනීම්වල දී නිකුත් කරන කොටස් සහතික සඳහා මුද්දර ගාස්තු නිදහස් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කිරීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශය  විධිවිධාන සලසා ඇත. 

    විදේශීය බැංකු සමඟ ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමාගේ මූලිකත්වයෙන් මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක‍්‍රියාවලියේ දී එම බැංකුවලින් අපේක්ෂිත දායකත්වය යටතේ ලබාගත් ප‍්‍රගතිය පිළිබඳ ව වෙන් වෙන් වශයෙන් රැස්වීම් පවත්වා ඇත. විදේශීය බැංකුවල කලාපීය නියෝජිතයන් ද මෙම රැස්වීම්වලට සහභාගී වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya