අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලිමංකඩ දුම්රිය ස්ථානයේ ඉදිකිරීම් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    අප්‍රේල් 26, 2014

    පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ මුදල් පරිත්‍යාගයෙන් ගොඩනැගෙන අලිමංකඩ දුම්රිය ස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා චාරිකාවක නිරත විය.


    අලිමංකඩ ඉදිවන නව දුම්රිය ස්ථානය ‘සෙනෙහසක තොටුපොළ‘ නමින් හඳුන්වන අතර එය නිරීක්ෂණය කිරීම සඳහා ඉකුත් 23 වැනිදා අමාත්‍යවරයා එහි ගිය බව අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පවසයි.


    ජනාධිපති මහින්ද  රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව බිහි වූ උතුරු දුම්රිය මාර්ගය ජනතා සහභාගිත්වයෙන් ගොඩනැගීමේ උතුරු මිතුරු වැඩසටහන යථාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලාංකේය සිසුන් තුළ දේශය ගොඩනැගීම සඳහා සකසුරුවමින් හා කැපවීමෙන් සාමූහිකව ක්‍රියා කිරීමේ ආකල්ප කුසලතා සංවර්ධනය අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම වැඩසටහන සමඟ ඒකාබද්ධ වී සිටී.


    HC/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya