නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොවැම්බර් මාසයේත් උද්ධමනය පහළට

    නොවැම්බර් 30, 2014
    ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කළ පරිදි උද්ධමනය පසුගිය ඔක්තෝබර් මස වාර්තා කළ සියයට 1.6 හි සිට මේ මාසයේ (නොවැම්බර්) දී සියයට 1.5 දක්වා පහළ වැටිණි.
     
    2009 ඔක්තෝබර් මාසයෙන් පසුව වාර්තා කළ අඩු ම අගය ද මෙය වේ.
     
     
    වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය ද ඔක්තෝබර් මාසයේ පැවති සියයට 3.8 හි සිට නොවැම්බර් මාසයේ දී සියයට 3.5 දක්වා පහත වැටුණි. ආහාර නොවන කාණ්ඩයෙහි පරිපාලිත මිල ගණන් පහළ දැමීම උද්ධමනය පහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය.
     
     
    සෘතුමය සාධක හා අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු කොට ගෙන නොවැම්බර් මාසයේ දී පසුගිය මාසයට සාපේක්ෂව කොළඹ පාරිභෝගික මිල දර්ශකය සියයට 0.1 ක ආන්තික ඉහළ යාමක් වාර්තා කළේය.
     
     
    ආහාර කාණ්ඩය තුළ බොහෝ එළවළු වර්ග: අමුමිරිස්; ආර්තාපල් සහ රතු ළූණු ආදියෙහි මිල ගණන් ඉහළ ගියේය. එල්.පී. ගෑස් මිල ගණන් 2014 නොවැම්බර් 10 සිට සැලකිය යුතු ලෙස පහත දැමීම මෙම උද්ධමනය අඩු වීමට හේතු පාදක විය.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya