සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ දී ඖෂධ පනත පවා රැකගැනීමට නොහැකි වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට, ජාත්‍යන්තර බලපෑම් හමුවේ රටත්, රටේ ජනතාවත් ආරක්ෂා කරගැනීමට ශක්තියක් තිබේද? යන්න ගැටලු සහගත වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජනසෙවණ ප්‍රජාශාලා ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක ජාතික මහෝත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
මෙම උත්සවය ඊයේ (29) දින පිළියන්දල විශ්වකලා ගම්මානයේ දී පැවැත්විණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නැංවෙන “නගමු පුරවර” වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 46ක වියදමින් පිළියන්දල විශ්වකලා ගම්මානයේ නව ප්‍රජා ශාලාවේ ඉදිකිරීම් කටයුතු මෙදින ආරම්භ කෙරිණ.
‘‘මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ‘‘ජනසෙවණ නගමු පුරවර” වැඩපිළිවෙළ යටතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රජාශාලා 70ක් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම මෙ යටතේ සිදුකෙරේ.
මේ සඳහා වැයකරන මුදල රුපියල් ලක්ෂ 1300කි.
මෙම අවස්ථාවට කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍ය ගාමිණී ලොකුගේ, කැස්බෑව නගරාධිපති සුමන රණවීර, එහි උප නගරාධිපති හේමාල් ධර්මප්‍රිය, හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණි ද සිල්වා, ඉදිකිරීම්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරු, නිලධාරීහු, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
DB