මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ඔව් මම යනවා“ - ඇමැති ජගත් පුෂ්පකුමාර

    නොවැම්බර් 27, 2014

    “මම පක්ෂයෙන් යනවාද කියලා කෝල් එනවා, එස්.එම්.එස්. එනවා. මගේ ෆෝන් එකට නිදහසක් නැහැ. විනාඩි පහළොවෙන් පහළොවට බැටරි චාර්ජ් කරන්න වුණා. මම යනවද කියලා අහනවනේ. ඔව් මම  යනවා. හැබැයි ඒ පක්ෂයෙන් නෙවෙයි. දවසින් දවස වයසට තමයි යන්නේ.“ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කෙළේ ඊයේ (26) වැල්ලවාය නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරමිනි.

     

    භීෂණයට මුහුණ දී දුක්විඳ ගොඩනැඟු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන කූඩුව අතහැර යන්න තියා එහි වෙන අයට බිත්තර දාන්න ඉඩ ලබා නොදෙන බව ද පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.

     

    කපුටා හැදූ කූඩුවේ කොහා බිත්තර දානවා වගේ එජාපය හිතන්නේ නම් කවුරුන් හෝ යොදා බිත්තර දාන්න බවත් ඒ ඔවුන් දකින හීනයක් පමණක් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

     

    තවදුරටත් සිය අදහස් දක්වන අමාත්‍යවරයා; “ජනාධිපති මැතිවරණයට අදාළ මෙහෙයුම් කටයුතු සියයට අනූවක් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන නිම කර තිබියදි අපිට විරුද්ධ ව තරග කරන්න එන කෙනාට පක්ෂයක්, පාටක්, ලකුණක් නොමැති ව බාලගිරි දෝෂය වගේ අද නෙවෙයි හෙට කිය කියා හිනා වෙමින් සිටිනවා.

     

    පසුගිය ජනාධිපතිවරණයේදි ලබා දුන් ජන්ද ප්‍රතිශතය ඉක්මවා යන ජන්ද ප්‍රතිශතයක් වැල්ලවායෙන් ලබාදෙමින් ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න වැල්ලවාය ජනතාව රොද බඳිමින් සිටිනවා.

     

    ලබන වසරේ ජනවාරි මාසයේ අට වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න කටයුතු කරන්න වැල්ලවායේ වගේ ම මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව පෙළගැසී සිටිනවා. මොකක්ද වෙබ් අඩවියක තිබුණාලු ජගත් රෝහණ පුෂ්පකුමාර රජයෙන් යනවා කියලා. මගේ නමට රෝහණ කෑල්ලක් නැහැ. මම බදුල්ලේ ඉන්න අපේ මන්ත්‍රීතුමාගෙන් ඇහුවා එතුමා කිව්වා එතුමට ජගත් කියලා කෑල්ලක් නැහැ කියලා. මේ අය හරියට නමක්වත් දන්නේ නැහැ.මොකක් හරි බොරුවක් ගොතලා ප්‍රචාරය කරනවා.

     

    නිල් පාට කොඩියක් දාන්න එජාපය නොදෙන යුගයක ඒ භීෂණයට මුහුණ දීලා ඔවුන් එක්ක සටන් කරලා තමයි අපි රජයක් ගොඩනැඟුවේ. ත්‍රස්තවාදය අවසන් කරලා දැවැන්ත සංවර්ධනයක් කරලා තිබෙනවා. ඔය සමහරුන්ට මොනවද කියන්න තියෙන්නේ අහවල් දේ කරා කියලා. අපේ ජනාධිපතිතුමාට ජනතාව ළඟට ගිහින් අලුතෙන් කියන්න ඕනේ නැහැ. ජනතාව දන්නවා එතුමා කළ වැඩ කොටස. එම නිසා දැන් අපිට තිබෙන්නේ ජනවාරි මාසේ අට වැනිදාට උදෙන් ම ජන්ද පොළට ගිහින් ඡන්දය දෙන එක විතරයි.“ යැයි කියා සිටියේය.

     

    මේ අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී විමල් ගලගමආරච්චි, වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ වන්නිආරච්චි මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු රැසක් සහභාගි වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya