මෑතක දී ඇති වු සුළි සුළං හේතුවෙන් හැටන් දික්ඔය ඉංජස්ට්‍රි වත්ත ඉහළ කොටසේ ජීවත් වන ජනතාව ජීවත් වු නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර ඉන් විපතට පත් ජනතාව පිළිබඳ සොයා ඔවුන්හට ඇති වී ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම සදහා අමාත්‍යවරයා මෙම චාරිකාවේ නිරත විය.
එහි දී විපතට පත් ජනතාව සඳහා ජීවත් වීමට තාවකාලිව සෑදු නිවාස සඳහා සෙවිලි තහඩු බෙදා දීමක් ද සිදු කෙරිණි. මෙම සෙවිලි තහඩුවල මුළු වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුතු වේ.
ජාතික ගොඩනැගිලි ඉදිකිරිම් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ මගින් සනාථ කර ගන්නා ලද මිනිස් වාසයට සුදුසු ස්ථානයන් හි ඔවුන්ට ජීවත් වීමට ස්ථිර තනි නිවාස ලබා දීමට අමාත්‍යවරයා විසින් සියලු කටයුතු සුදානම් කරන ලදි.
වැවිලි මානව සංවර්ධන භාරය හරහා මෙම නිවාස සාදා දීමට නියමිතය.
SDF