මෙහිදී සියලු ම නේවාසික රැඳවූවන් නියෝජනය වන පරිදි දරුවන් 101 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් ලබා දීමට කටයුතු කෙරිණි. මේ සඳහා සම්පත් දායකත්වය මාතර බාලදක්ෂ සංගමයේ සභාපති ලයනල් සිල්වා සහ මාතර නාගරික මන්ත්‍රී ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ලබා දුන්හ.
මෙම අවස්ථාව සඳහා මාතර උප නගරාධිපති රංජිත් යසරත්න, මාතර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී ධම්මික යන මහත්වරු, මාතර රෝහලේ අධ්යක්ෂතුමා ඇතුළු බන්ධන්ගාර නිලධාරීහු සහ රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයෝ සහභාගී වූහ.
NDH