නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිසරික විෂ හා බෝනොවන රෝග පිළිබඳ වැඩමුළුවක් මාතර දී

    නොවැම්බර් 25, 2014
    ජාතික විෂ නිවාරණ සතියට සමගාමීව පාරිසරික විෂ හා බෝනොවන රෝග පිළිබඳ ව මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (24) මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    මේ වන විට ලෝකයේ අනෙක් රටවල්වලට සාපේක්‍ෂව ලංකාවේ බෝනොවන රෝග වැළඳීමේ ප‍්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් පාරිසරික විෂ පිළිබඳ ව සැලකීමේ දී විශේෂයෙන් කෘමිනාශක හා වල් නාශක මේ සඳහා උපස්ථම්භක වී ඇති බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
     
    ලෝකයේ පළිබෝධනාශක සොයාගන්නා ලද්දේ මහා පරිමාණ වගා කටයුතු සඳහා වුවත් ලංකාවේ එය ඉවක් බවක් නැති ව කුඩා හා මධ්‍ය පරිමාණ සෑම වගාවක් සඳහා ම යොදා ගැනීම නිසා ඒවායේ අඩංගු රසායනික සංඝටක, බෝනොවන රෝග ඇතුළු රෝග ගණනාවක් සඳහා හේතු කාරක වී තිබෙන අතර පළිබෝධ නාශක පරිසරයට මුදාහැරීමේදී ආරක්‍ෂිතව ක‍්‍රියා කළ යුතු ආකාරය  හා බෝනොවන රෝග තත්ත්වයන්  අවම කර ගැනීම සඳහා ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද අවධාරණය කෙරිණි.
     
    මෙම වැඩමුළුවේ සම්පත් දායකත්වය සපයන ලද්දේ මාතර දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ රෝහිත ඇලපාත මහතා විසිනි.
     
    මේ අවස්ථාවට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
     
    දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය, බෝනොවන රෝග ඒකකය හා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය එක් ව මෙය සංවිධානය කරන ලදි.
     
    DB/TI - dmu matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya