නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය සංවර්ධනය සඳහා යුරෝපීය සංගමයේ දායකත්වය ලබා දීමේ විශේෂ සාකච්ඡාවක්

    නොවැම්බර් 25, 2014
    ග්‍රාමීය සංවර්ධනය නගාසිටුවීම සඳහා යුරෝපීය සංගමයේ දායකත්වය ලබා දීමේ විශේෂ සාකච්ඡාවක් අද (25) යුරෝපා සංගමයේ තානාපති ඩේවිඩ් ඩේලි මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.   
     
    ග්‍රාමීය ආර්ථිකය සහ ග්‍රාමීය ප්‍රජාව නගාසිටුවීම සඳහා ලබා දිය යුතු දායකත්වය කවරේද? යන්න මෙහිදී සාකච්ඡාවට ලක් විය. වර්තමානයේ ග්‍රාමීය ප්‍රජාව විෂයෙහි ලා පවත්නා ගැටලු පිළිබඳ ව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර  ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි ග්‍රාමීය ප්‍රජාව වෙත පවතින ගැටලු පිළිබඳ ව ද තානාපතිතුමන් විසින් විමසීමට ලක් කරන ලදී.
     
    වතු ප්‍රජාව විෂයෙහිලා පවතින දරිද්‍රතාව, අධ්‍යපනික ඌනතාව, පෝෂණ තත්ත්වය, ස්ථිර වාසස්ථාන පහසුකම් පිළිබඳ ව විශේෂ සාකච්ඡාවට ලක් වූ මේ අවස්ථාවේ සනීපාරක්ෂක පහසුකම්, ජල සංරක්ෂණ ක්‍රමවේද සහ මත්ද්‍රව්‍ය වෙත නැඹුරුවීමේ ප්‍රවණතාව පිළිබඳව ද අදහස් පළ විය.
     
    දිවි නැඟුම සංවර්ධන වැඩසටහන පිළිබඳ ව ද මෙහිදී විශේෂ අවධානයට ලක්විය. යුරෝපා සංගමයේ තනාපති ඩේවිඩ් ඩේලි මහතාගේ මෙම නිරීක්ෂණ චාරිකාව යටතේ නුවරඑළිය, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කයන් හි ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම සඳහා යුරෝපා සංගමයේ දායකත්වය හිමි වේ. ඒ අනුව ලබන වසරේ සිට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් යුරෝපා සංගමයේ දායකත්වය හිමි වීමට නියමිතය. මේ අවස්ථාව සඳහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මිය ඇතුළුව ප්‍රාදේශීය ලේකම්වරු සියළුදෙනා ම සහභාගී වී සිටියහ.
     
    NDH/SH-dmu nuwaraeliaya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya