"එක්සත් ජාතික පක්ෂයේ සිටිය ලලිත් ඇතුලත්මුදලි මහතා එජාප නායකත්වයට එරෙහි ව කටයුතු කිරීමට ගියේ එජාපයට ඩයිනමයිට් දාලා කුඩු කරලා. ඒකෙන් සිද්ධ වුණේ, එජාපය කෙළින් කර ගනීමට නොහැකි විදියට ම විනාශ වී ගිය එකයි. එවැනි දෙයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්නට ඉඩ දෙන්නේ නෑ".
"ආණ්ඩුව ඇතුළේ මොන ප්‍රශ්න තිබුණත්, ඒවා විසඳාගත හැකි ව තිබුණේ ඇතුළේ ඉදලමයි. එසේ නොමැති ව, එළියට ගිහින් නොවේ. එළියට ගිය අයට සිදුවුණ ඉරණම අපි දැකලා තිබෙනවා".
මෙවර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපති මැතිවණ ව්‍යාපාරය, සරත් ෆොන්සේකා මහතා එදා සිදු කළ ජනාධිපති මැතිවණ ව්‍යාපාරයටත් වඩා දියාරු වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
"කුරුණෑගල කිසි කෙනෙක් මෛත්‍රී කණ්ඩායමට යන්නේ නෑ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය අය හිටියා. හිටපු අය නැවත ඇවිල්ලත් තියෙනවා. මම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමඟ වැඩ කළ කෙනෙක්. අනුර බණ්ඩාරනායක පක්ෂයෙන් ගියා. චන්ද්‍රිකා මැතිණිය මහජන පක්ෂයට ගියා".
කෙසේ වුවත් අපි නොවෙනස් ව හිටියා යැයි ද අමාත්‍ය ජයරත්න හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
DB