අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (18) කුලියාපිටිය ආසනයේ නැගෙනහිර සහ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැවති ගොවීන් 12000කට බිත්තර වී ලබාගැනීම වෙනුවෙන් කෝටි 3ක මුදල් චෙක්පත් ලබාදීමේ උත්සවයන්ට සහභාගී වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
“ඔබ තමුන්නාන්සේලා නියඟයට මුහුණ දුන්නා. කුඹුරුවල වතුර නැතුව ගියා, වැව්වල වතුර නැතුව ගියා, මොනරාගල පැත්තේ සත්තු පාරවල් ගානේ මැරිලා හිටියා. ඒ නිසා ඔබතුමාලට බොන්න වතුර අඩු වුණත් මෙහෙන් මොනරාගල දිස්ත්‍රික්කයට වතුර අරගෙන ගිහින් විශාල කැපකිරීමක් කරා. ඒ ගැටලුවලට අද නොයෙක් කණ්ඩායම් බනින්නේ ආණ්ඩුවට. පායනකොටත් බනින්නේ ආණ්ඩුවට, වතුර නැතිවෙන කොටත් බනින්නේ ආණ්ඩුවට, වහින කොටත් බනින්නේ ආණ්ඩුවට, විදුලි කෙටුවත් බනින්නේ ආණ්ඩුවට, ඒ නිසා අපි අද බැනුම් අහන්න විතරක් සුදානම් වෙලා ඉන්නේ.
අද ජනාධිපතිතුමා අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම යුතුකමක් ම කරලා තියනවා. එතකොට සමහරු කිව්වේ මහින්ද මහත්තයා ඡන්දෙට සල්ලි බෙදනවා කියලා. ඒවාට එතුමා සැලුනේ නෑ. අද රුපියල් මිලියන 525ක් කුරුණෑගල දිස්ත්‍රික්කයට වෙන් කරලා තියනවා. බිත්තර වී ගොවීන්ට අක්කරයකට රුපියල් 1400 ගානේ ගෙවනවා. කිසිම ආණ්ඩුවක් මීට පෙර නියඟයෙන් බැට කෑවා කියලා ජනතාව වෙනුවෙන් සහයෝගයක් දීලා නෑ.
අද විවිධ බලවේග ජනාධිපතිතුමාට විරුද්ධව නැගිටිනවා. මමත් විපක්ෂයේ ඉන්න කොට රනිල් මහත්තයත් එක්ක පාරට බැහැලා කඳුළු ගෑස් කාලා මගේ වාහනෙත් කුඩු කරගත්තා. එහෙම ගිහින් මේ ගමන යන්න බෑ කියන එක මම තේරුම් ගත්තා. විශේෂයෙන් නායකයෙක් තුළ මනුස්සකම තිබිය යුතුයි. මට පාර්ලිමේන්තුවේ පිළිගැනීමේ නිලධාරියෙක් කියලා තියනවා උදේට පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ට සුභ උදෑසනක් කියලා කිව්වාම මන්ත්‍රීවරුත් සුභ උදෑසනක් කියලා කියනවලු. නමුත් රනිල් මහත්තයට සුභ උදෑසනක් කියලා කිව්වම ''හිහ් ''කියලා එතනින් යනවලු. නමුත් ඒ දවස්වල මහින්ද රාජපක්ෂ මහත්තයට සුභ උදෑසනක් කියලා කිව්වම එතුමත් නැවත සුභ උදෑසනක් කියලා පිටටත් තට්ටු කරගෙනලු යන්නේ. ඔන්න ඕකයි ජන හද හඳුනන නායකයෙකුගේ වෙනස.
ඒ වගේම අද විපක්ෂය ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂකයෝ හොයනවා. අවුරුදු උත්සවයක සැඟවුණු අමුත්තා හොයනවා වගේ කමිසයේ පාට සොයමින්, සපත්තුවේ පාට සොයමින් ඔයාද පොදු අපේක්ෂකයා කියලා අසමින් දේශපාලඥයෝ පස්සේ යනවා. යුද්ධය ඉවරකිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වෙනකොට ජනාධිපතිතුමා තීරණය කළා මේක ගහලම ඉවරකරන්න ඕනේ කියලා. ඒ යුද්ධය ඉවර කරලා තමයි එතුමා රට සංවර්ධනය කරන්න පටන් ගත්තේ. ඒ නිසා එතුමා වෙනුවෙන් ඉදිරියටත් අපි සැවොම එකතුවෙලා නැවත වරක් සහයෝගය දිය යුතුයි. මනුස්සකම ඇති ජනතාවක් හැටියට ඒක අපේ යුතුකම.
වයඹ පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ගුණදාස දෙහිගම, පළාත් සභා මන්ත්‍රීවරුන් වන අතුල විජේසිංහ, සමන්ප්‍රිය හේරත්, කුලියාපිටිය නගරාධිපති ලක්ෂ්මන් අධිකාරී, කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් කැටවලගෙදර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
SDF