නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීතාවක පාදුක්ක ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට

    නොවැම්බර් 19, 2014
    ප්‍රතිලාභීන් 140,000කට සෙත සලසමින් සීතාවක - පාදුක්ක ජල සම්පාදන ව්‍යාපෘතිය අද (19) ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
     
    මෙම ව්‍යාපෘතිය හරහා සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 25ක හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 47ක 140,000ක් පමණ වන ජනතාවට සෙත සැලසෙනු ඇත.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නිරූපමා රාජපක්ෂ, ගීතාංජන ගුණවර්ධන මහත්ම මහත්මීහු සහ සීතාවක නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ද සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya