මෙම ලේ දන් දීමේ වැඩසටහන සංවිධානය කරන ලද්දේ නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ මහා සංගමය විසිනි.
අද දිනය පුරාවට ම පැවැත්වෙන මෙම ලේ දන් දීමේ කඳවුර නුවරඑළිය දිස්ත්රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. මේ සඳහා නුවරඑළිය නගරාසන්නයේ පිහිටා ඇති රාජ්ය ආයතන රැසක නිලධාරීහූ රැසක් සහභාගී වී සිටිය හ.
ජනාධිතිතුමාගේ පදවි ප්රාප්තිය නිමිති කොටගෙන නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලය තුළ ආගමික වැඩසටහන් කිහිපයක් ද ඊයේ (18) පැවැත්විණි.
NDH/SH-dmu nuwaraeliya