නාග විහාර වාසි පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල ස්වාමීන් වහන්සේ විසින් ආගමික වතාවත් ඉටුකරනු ලැබුහ.
මෙම පිංකමට ප‍්‍රථම මානිප්පායි ප‍්‍රදේශයේ කාන්තාවක් විසින් ජනාධිපතිතුමා වෙත යැවීම පිණිස එතුමාගේ ඡායාරූපයක් සහිත අලංකාර සිහිවටනයක් ආණ්ඩුකාරවරයා වෙත බාර දෙන ලදි.
එදින ම පෙරවරුවෙ මාවඩිපුරම් ස්කන්ධ කෝවිලේ සංවිධානය කර තිබු ජනාධිපතිතුමාට සෙත් පැතීමේ පූජාවකට ද යාපනයේ සෙබළුන් පිරිසක් සහාභාගි වූහ. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ද මීට සහාභාගි වුහ.
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කර ලැබු මෙම ආගමික වැඩසටහනට උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි, යාපනය ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා මහත්වරු ඇතුළු ජ්‍යේෂ්ඨ යුද හමුදා නිලධාරින් සෙසු නිලයන් හා යාපනයේ මෙන් ම දකුණින් පැමිණ සිටි මහත්ම මහත්මීහු පිරිසක් ද සහභාගි වූහ.
මේ අතර යුධ හමුදාව විසින් යාපනයේ විවිධ ස්ථානවල ආගමික හා පොදු වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.
DB