මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑ පුණ්‍යෝත්සවයට රත්නපුරයෙන් මහා සංඝයා වහන්සේලා 400 නමක්

    නොවැම්බර් 17, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 23 දාට යෙදෙන අනුරාධපුරයේ සඳහිරු සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවයට සහභාගී වීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ මහා සංඝයා වහන්සේලා 400 නමක් වැඩම කරවන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පවසයි.

    මෙම අවස්ථාවට රත්නපුර දිසාවෙන් වැඩම කරවන මහා සංඝරත්නය වෙනුවෙන් පහසුකම් සංවිධානය කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැති සාකච්ඡාවේදි දිසාපතිවරයා එසේ පැවසීය.

     

    එහිදි තවදුරටත් අදහස් දැක් වු ඒ මහතා, ප්‍රාදේශීය කොට්ඨාස හා ශාසනාරක්ෂක බල මණ්ඩල නියෝජනය වන පරිදි ආසන 54 බස්රථ 10ක් මගින් මහා සංඝයා වහන්සේලා වැඩම කරවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කටයුතු සලසා තිබෙනවා.මේ සඳහා සියලුම පොලිස් ස්ථානවලින් අවශ්‍ය සංවිධාන සහයෝගය ලබා දි තිබෙනවා.මේ වන විටත් පැල්මඩුල්ල රාජමහා විහාරස්ථානයෙන් සර්වඥ ධාතුන් වහන්සේ, ධර්ම පුස්තක ආදිය එහි තැන්පත් කිරීම සඳහා වැඩම කරවීමට ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේ ක්‍රියා කර ඇති බවද දිස්ත්‍රික්ක රැසක් නියෝජනය වන පරිදි මහා සංඝරත්නය 5000ක් මෙම අවස්ථාවට වැඩම කරවන බවද දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට සහාකාර ‍ දිස්ත්‍රික් ලේකම් ඩී.එච්.එස්. ධනවර්ධන මහත්මිය, පොලිස් දෙපාර්තමේන්තුවේ රත්නපුර කොට්ඨාසයේ උසස් නිලධාරීන්ද, බෞද්ධ කටයුතු සමායෝජකවරුන්ද ,රත්නපුර ලංගම අධිකාරි තුමා ඇතුළු පිරිසක් සහභාගී වු බව අප රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

     

    SDF/KM/SW/NR_dmu_ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya