මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුබෝවිල සහ බෙල්ලන්විල දහම් පාසල්වලට පියානෝ සහ ග්‍රීන්බෝඩ් බෙදා දෙයි

    නොවැම්බර් 17, 2014

    මහින්ද චින්තනය යටතේ අධ්‍යාපනය දුප්පතුන්ගේ නිත්‍ය උරුමයක් බවට පත් කිරීම හේතුවෙන් සෑම විභාගයකින් කොළඹට වඩා ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් විශිෂ්ටයන් බවට පත් වී සිටින බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට සරල ප්‍රශ්නපත්‍රයක් බවට පත් කරමින් දරුවන්ට ළමා ලෝකය ලබා දී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යතුමා, කරුණු 5ක් පාදක කර ගනිමින් මෙම ප්‍රශ්න පත්‍රය සකස් කෙරෙන බවත් අමාත්‍යතුමා සඳහන් කළේය. ඒ අනුව, වයස අවුරුදු 9 සිට 11 දක්වා සාධන මට්ටම, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, ගුරු අත්පොත්, පාසල් පෙළපොත්, ඇගයීම් වාර්තා යන කරුණු පාදක කරගනිමින් මෙම ප්‍රශ්නපත්‍රය සකස් කෙරෙන බව ද අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

    මෙහිදී අම්පාර, මොනරාගල වැනි ග්‍රාමීය ප්‍රදේශවල සිටින දරුවන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව පෙන්වා දුන් අතර අධ්‍යාපන අමාත්‍යාශයේ උපදෙස් අනුව කටයුතු කිරීම හේතුවෙන් පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පළාත් 9න් ම උතුරු පළාත පළමු ස්ථානය ලබාගත් බව ද අමාත්‍යතුමා අවධාරණය කළේය.
     
    කළුබෝවිල රජමහා විහාරයේ පියානෝ සහ ග්‍රීන්බෝඩ් බෙදාදීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පුරාණයේ සිට ලංකා ඉතිහාසයේ ගමන් මග වෙනස් කළේ දකුණේ සිට පැමිණි අයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වෙබ් අඩවි ඔස්සේ පහර දුන්නා සේ අතීතයේ අධ්‍යාපනයේ පළමු හැරවුම සිදු කිරීමට උරදී කටයුතු කළ අනගාරික ධර්මපාලතුමාට එදා පුවත්පත් ඔස්සේ පහර දුන් බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

    අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි සංවත්සරයට සමගාමීව  සිසුන් 1,000කට වැඩි දහම් පාසල් සඳහා පියානෝ සහ ග්‍රීන්බෝඩ් බෙදාදීමේ වැඩසටහනට අනුව බෙල්ලන්විල රජමහා විහාරයේ දහම් පාසලට රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා පියානෝ හා ග්‍රීන්බෝඩ් බෙදා දුන් බව ද අමාත්‍යතුමා සඳහන් කළේය. දෙසැම්බර් 9දා සිට 18 වැනි දින දක්වා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව පෙන්වා දුන් අමාත්‍යතුමා 1977න් පසු ඇති වූ විවෘත ආර්ථික ක්‍රමය තුළ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් ඇති කළ බවත් වැඩිදුරටත් පැවසීය.

    දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, දහම් පාසල් සිසුහු, දෙමාපියෝ ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya