මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව දිස්ත්‍රික් රුක්රෝපණ වැඩසටහන

    නොවැම්බර් 17, 2014

    ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව සංවිධානය කරන ලද පොලොන්නරුව දිස්ත්‍රික් රුක්රෝපණ වැඩසටහනට පෙරේදා (15) වැලිකන්ද, කරපොල විල්ලුවේදී පැවැත්විණි.      

                                                     
    ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ රුක්රෝපණ වැඩසටහනේ දී කුඹුක් හා මී පැළ දෙදහසක් සිටවනු ලැබීය. රුක්රෝපණය කරන ලද මෙම ප්‍රදේශය කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑමට ලක් ව තිබුණි.  
                  
    මෙම අවස්ථාවට පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් පබාශීලි ජයලත්, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් ඒච්.එස්.කේ. බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළු පාසල් සිසු දරු දැරියන් හා කරපොල දමිළ ජනතාව ද එක්ව සිටියහ.

    NDH/WK-BG dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya