මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා මරබියෙන් ජීවත්වුණු උතුරේ සහෝදර තරුණයින්ට ශ්‍රී ලංකාවේ විශිෂ්ටයන් වීමේ අනාගතය හිමිකර දුන්නේ ජනාධිපතිතුමායි

    නොවැම්බර් 16, 2014

    එදා වෙඩි හ, බෝම්බ පිපිරෙන හඬ ඇසෙනවිට මරබිය උරුම වී සිටි උතුරේ දෙමළ තරුණයින්ට අද මහාභිමානී සම්මාන උළෙලේදී මුළු රටේම පළමුවැනියා බවට පත්වීමට හැකි අනාගතයක් උදා වී ඇති බවත්, අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ගෙවුණු අවුරුදු 5 තුළ මේ රටේ සිදුවූ වෙනස හඳුනාගත හැකි හොඳම සාධකයක් බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මෙරට ඉදිකිරීම් ශිල්පීන් වෙනුවෙන් දෙවන වරටත් පවත්වනු ලැබූ මහාභිමානී - 2014 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලට ඊයේ (15) දින සහභාගී වෙමිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන උළෙල මැති ඇමතිවරුන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

     

     

    විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ආයතන, වෘත්තිකයින් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු විවිධ අංශවල ශිල්පීන් දිරිමත් කරමින් ඔවුන් ඇගයීමට ලක්කිරීම උදෙසා මහාභිමානී 2014 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සංවිධානය කරනු ලැබුවේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය (NCASL)විසිනි.

     

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා ;

     

     

    අද මහාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටතම පෙදරේරු ශිල්පියාට හිමි සම්මානය හිමිකරගන්නේ වෙන කොහේවත් තරුණයක් නෙවෙයි යාපනයේ ඉපදුණු දෙමළ ජාතික සහෝදර තරුණයෙක්, ඒ තරුණයා හිතන්නේ නැතුව ඇති මීට අවුරුදු 5 කට කලින් මගේ අතට මෙම ඉදිකිරීම් උපකරණ ලැබෙයි, මගේ අතින් ගෙවල් හැ‍දෙයි, මට මේ වගේ ජාතික සම්මානයක් හිමිවෙයි කියලා. බෝම්බ හඬ, වෙඩි හඬ ඇහෙනවිට, මරබිය පැතිරෙන විට මට මගේ අනාගතය ගැන විශ්වාසයක් නැහැ කියා හැඟීමෙන් ජීවත්වුණු තරුණයෙක් අද තරකාරීව ඇවිල්ලා පෙදෙරේරු වෘත්තියෙන් මුළු රටේම පළමුවැනියා බවට පත්වෙනවා. මේ තමයි මේ ගෙවුණු අවුරුදු 5 තුල සිදුවුණු වෙනස පෙන්වන හොඳම සාධකය.

     

     

    මේ පිං බිම ලෝක සිතියමේ ලේ පාටින් පාට කරපු තත්වයකට පත්වෙලා තිබුණේ, මරාගැනිල්ලේ උදාහරණය බවට පත්වෙලා තිබුණේ. කා කොටා ගැනිල්ලේ උදාහරණය බවට පත්වෙලා තිබුණේ. බෙදෙන රටවල් වල උදාහරණය බවට පත්වෙලා තිබුණේ. අභ්‍යන්තර ගැටුම් වලින් බැටකන රටවල හොඳම උදාහරණය බවට පත්වෙලා තිබුණේ. ක්‍රීඩකයෝ ජාත්‍යන්තර තරගවලට ගියාම බයෙන් තරකරන වාතාවරණයක් තිබුණේ. ජාතියේ කීර්තිය, සුභවාදී අපේක්ෂා පිළිබඳ පණිවිඩ හැමතැනම ගලාගෙන ගියේ නැහැ. අඳුරු අසුභවාදී සහගත සිතුවිලි හා අපේක්ෂාවන් හැමතැනම ගලාගෙන ගියේ.

     

     

    ස්ථාවරව ඉදිරියට යන රට ගැටුම් බහුල රටක් බවට පත්කරන්න සමහර බලවේග සැරසෙනවා. යුරෝපාකරයේ සිටින ගෝලීය දෙමළ සංසදයේ එමැනුවෙල් පියතුමන්ලා, එක්සත් ජනපදයේ සිටින රුද්‍ර කුමාරන් මහත්තයලා, දේශ සීමාවක් නැති ඊනියා දෙමළ ඊළමේ මහත්වරු පසුගිය දිනක මැලේසියාවේදී වෙනමම ගෝලීය දෙමළ සංසදයෙන් සමුළුවක් පවත්වලා තියෙනවා. ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ට අවශ්‍ය කරන අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවලා, උතුරේ හමුදාව එලවන්න, උතුරේ බුදුපිළිම ඉවත් කරන්න, නැවත ගැටුම් බහුල අනාගතයක් හදන්න ඒ අය දැන් කැහැපොට ගහගෙන ඉන්නවා. මැලේසියාවේ රැස්වුණු කොටි හිතවාදී බලවේග සූදානමින් සිටින්නේ යුරෝපයේ නැතිවුණු කොටි තහනම ලංකාවෙත් කොටින්ට නැතිවෙන දවසක් උදාකරගන්න.

     

     

    අද වනවි‍ට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධන වේගය 21% ඉක්මවා තිබෙනවා. එසේම දේශීය ආර්ථිකය තුළ 8% පමණ පංගුවක් මේ ඉදිකිරීම් කර්මාන්තය විසින් ආවරණය කරනු ලබනවා. රට පුරාම මහා මාර්ග සුවිශාල ගොඩනැගිලි ඉදිවෙනවා. ඒ වගේම ඇතිවූ සාමකාමී වටපිටාව තුළ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයට රටේ සංවර්ධනය සහා තම තමන්ගෙන් ඉටුවිය යුතු භුමිකාව ඉටුකරමින් පවතිනවා. දශක 3ක් තිස්සේ අඩාල වී තිබූ අපේ රටේ දියුණුව හා සංවර්ධනය වේගයෙන් ඉදිරියට ක්‍රියාත්මක වුණේ ගෙවුනු වසර 5 තුළ බව අප අවධාරණය කරගත යුතුයි.

     

     

    මේ ගෙවීගිය පස් වසර මරබිය පමණක් තුරන්කළ අවුරුදු 5ක් නොවෙයි. මේ ගෙවීගිය අවුරුදු 5 නාගරික ජනජීවිතයට උද්‍යාන සංස්කෘතියක් රැගෙන ආ අවුරුදු 5ක්, නාගරික ජනතාවට ඇවිදින මං තීරු රැගෙන ආ අවුරුදු 5ක්, පාසල් වලට මහින්දෝදය විද්‍යාගාර 1000 කට වඩා ඉදිවූ අවුරුදු 5ක්. ඒ වගේම මුළු රටේම මාර්ග පද්ධතිය එක හා සමානව සංවර්ධනය කළ අවුරුදු 5ක්, ඒ වගේම ගම්මාන වල පවතින ඉතා කුඩා සංවර්ධන අවශ්‍යතාවයේ සිට ජාතියට අවශ්‍ය සුවිශාල සංවර්ධන ව්‍යාපෘති දක්වාවූ සියළුම සංවර්ධන අවශ්‍යතා ඉටු කළ අවුරුදු 5ක්. මෙවන් අවුරුදු 5ක් මේ ගෙවුණු මෑත ඉතිහාසය තුළ ඔබ අපට මුණ ගැසී නැහැ.

     

     

    පසුගිය අවුරුදු 5 තමයි ලෝක සිතියමේ මේ රටට උරුම වියයුතු එහෙත් උරුම නොවුනු ස්ථානය ලබාගැනීම වෙනුවෙන් වැඩ කළ අවුරුදු 5. එහෙම නොවේ නම් කොළඹ නගරය මේ ආකාරයට සංවර්ධනය වෙන්න බෑ. වාණිජ අගනුවර වාණිජ අගනුවරට උරුම ඇුමින් සැරසෙනවා. මෙතුවක් කල් මේ වාණිජ නගරය ඇගෙන හිටියේ වාණිජ නගරයකට උචිත ඇුම නොවෙයි. ඒක නිකන් නගරයකට වත් උරුම නැති ඇුමක්, ඒක වැරහැළි ඇුමක්, අුරු වර්ණ ගැන්විච්ච කබල් ගොඩනැගිළි ගොඩක් තමයි මින් පෙර මේ වාණිජ නගරයේ තිබුණේ. එහෙත් දැන් තමයි මේ වාණිජ නගරය තමන්ට උරුම අලංකාර ඇුමෙන් සැරසී සිටින්නේ, අගනුවර අගනුවරට උචිත ඇුමින් සරසන්න ඕනේ, උපනගර උපනගරවලට උචිත ඇුමින් සරසන්න ඕනේ. මං මාවත් ඊට ආවේණික ගුණයෙන් ඔපවත් කරන්න ඕනේ.

     

     

    දකුණු ආසියාවේ වැඩිම ස්ථිර නිවාස තිබෙන රට ලංකාව , දකුණු ආසියාවේ අඩුම පැල්පත් ප්‍රමාණයක් තිබෙන රට ලංකාව, දකුණු ආසියාවේ ගෘහස්ථ විදුලිබලය වැඩියෙන්ම ලබාදී තිබෙන රට ලංකාව, දකුණු ආසියාවේ වැඩිම ගෘහස්ථ ජල පරිභෝජනය සහා අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙන රට ලංකාව. ඒ අනුව දකුණු ආසියාවේ සංවර්ධන නිර්ණායක අතින් අපේ රට සිටින්නේ ඉදිරියෙන්. යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

     

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන් හා වෘත්තිකයින් පිළිබඳව ඇති සාම්ප්‍රදායික ප්‍රතිරූපය ඉවත් කරමින් ඉහළ සාමාජීය ඇගයීමක් ලබාදීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයට තරුණ ජවය වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම, ඉදිකිරීම් ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබෙන 21% ඉක්මවූ ඉහළ වර්ධන වේගය ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි මූලික අපේක්ෂා වේ. ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් බහුවිධ හැකියාවන්ගෙන් හා තාක්ෂණයෙන් සවිබල ගැන්වීමද තවත් අරමුණකි.

     

     

    මීට සමඟාමීව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ   උන්නතිය වෙනුවෙන් සුවිශේෂී පියවරයන් ගනු ලැබීය. නිවාසකරණයේ දීර්ඝ කාලීන සැලසුම් ඇතුළත් ජාතික නිවාස ප්‍රතිපත්තියක් එළිදැක්වීම හා එහි ක්‍රියාකාරී සැලැස්ම නිර්මාණය කර එළිදැක්වීම, ඉදිකිරීම් කර්මාන්ත හා සංවර්ධන ආයතනය,ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය බවට බලාත්මක කරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනඒම, ජාතික ඉංජිනේරු සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනඒම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් සඳහා දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ඇති කිරීමට පියවර ගැනීම, දේශීය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට විදේශ රටවල ආයෝජන අවස්ථා ලබාදීම හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු විදේශීය ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම ආදී පියවර රැසක් ගෙන තිබෙන අතර ඒ තුළින් වර්තමානයේදී ඉදිකිරීම් ක්ෂේත්‍රය අත්පත්කරගෙන තිබෙන 21% ඉක්මවූ සුවිශේෂී වර්ධන වේගය පහත වැටීමට ඉඩ නොදී අඛණ්ඩව තවදුරටත් වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

     

     

    මෙම මහාභිමානී - 2014 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේ ප්‍රමුඛතම කාර්ය වශයෙන් සිදුවූයේ අංශ 10 ක් යටතේ දිවයිනේ විශිෂ්ටතම ඉදිකිරීම් කාර්මික ශිල්පීන් 10 දෙනා තෝරා ගැනීමයි. එම ජයග්‍රාහකයින් මෙසේය.

     

     

    1.විශිෂ්ටතම මෝටර් ග්‍රේඩර් මෙහෙයුම් ශිල්පී                           - බී.ඩී.ඒ. ප්‍රභාත් පෙරේරා ( ඌව පළාත)          

    2. විශිෂ්ටතම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පියා         - එස්. රයන් සූරියආරච්චි(උතුරුමැද පළාත)

    3. විශිෂ්ටතම පෙදරේරු ශිල්පියා.                                              - එස්. චන්ද්‍රවදනන් ( උතුරු පළාත)                  

    4. විශිෂ්ටතම ටයිල් ඇතුරුම් ශිල්පියා.                                       - ඒ. සී. මනෝජ් චතුරංග ( දකුණු පළාත )

    5. විශිෂ්ටතමජල නල කාර්මික ශිල්පියා.                                    - වයි. ජී. පේ. දිසානායක ( ඌව පළාත)

    6. විශිෂ්ටතම පින්තාරු ශිල්පියා.                                               - එච්. ආර්. එම්. ගුණරත්න ( සබරගමු පළාත)

    7. විශිෂ්ටතම විදුලි කාර්මික ශිල්පියා.                                       - පී.ඒ.සී.පී.කේ. පාලමුරේ ( උතුරුමැද පළාත)

    8. විශිෂ්ටතම කම්බි නැවුම් ශිල්පියා.                                         - බී.ඒ.ඕ. ඉන්දික පෙරේරා ( උතුරුමැද පළාත)

    9. විශිෂ්ටතම වඩු කාර්මික ශිල්පියා.                                          - පී. බී. චන්දන පියරත්න ( සබරගමු පලාත)

    10. විශිෂ්ටතම බහුවිධ නිපුනතා ශිල්පියා                                  - ජේ.එම්.කේ. ජයසිංහ (බස්නාහිර පළාත)

     

    මෙම අංශ යටතේ සියලුම පළාත් මට්ටමෙන් තරඟ පවත්වා ජාතික මට්ටමේ ජයග්‍රාහණ ලබාගත් තරඟකරුවන් සඳහා ත්‍යාග, සහතිකපත් හා සම්මාන පිරිනැමීම මෙදින සිදුකෙරිණ.

     

     

    මෙහි එක් එක් තරඟ අංශයන්ගෙන් පළමු වන ස්ථානය දිනාගත් ජයග්‍රාහකයින් සඳහා රුපියල් ලක්ෂ 3 ක් වටිනා ත්‍යාග, රුපියල් මිලියන 5 ක් වටිනා රක්ෂණාවරණයක්, පදක්කමක් සහ සහතිකයක් ප්‍රදානය කරන ලදි.දෙවන ස්ථානයට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වටිනා ත්‍යාග, රුපියල් මිලියන දෙකක් වටිනා රක්ෂණයක්,පදක්කමක් සහ සහතිකයක්ද, තෙවන ස්ථානය ලබාගත් තරගකරුවන්ට රුපියල් ලක්ෂයක් වටිනා ත්‍යාග, රුපියල් මිලියනයක් වටිනා රක්ෂණයක්, පදක්කමක් සහ සහතිකයක්ද ප්‍රදානය කෙරෙණි.

     

    මීට අමතරව ප්‍රාදේශීය විශිෂ්ට ඉදිකිරීම් සහා සම්මාන, විශිෂ්ටතම ඉදිකිරීම් සහා වන සම්මාන, ඉංජිනේරු වෘත්තිය, වාස්තු විද්‍යා වෘත්තිය හා සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරන ලද සේවාව වෙනුවෙන් පිදෙන සම්මාන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වෙත අතිගරු ජනාධිපතිතුමා අතින් ප්‍රදානය කරන ලදි.

     

    ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග, ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මෙම අවස්ථාවට ආශිර්වාදය පළ කිරීම සඳහා සහභාගී වූහ. ඊට අමතරව ජාතික සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඌව පළාත් සභා මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්,කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, නාගරික මන්ත්‍රී තිලක් වීරසිංහ,ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී. එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (පාලන) බී. ජී. එස්. ගුණතිලක, ඉදිකිරීම් කර්මාන්ත හා සංවර්ධන ආයතනයේ සභාපති අනුර දසනායක, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති දේශමාන්‍ය සුනිල් ලියනආරච්චි යන මහත්වරු, ඉදිකිරීම් ආයතන ප්‍රධානීහු, වෘත්තිකයෝ, විද්වත්හු, ශිල්පීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

    SDF

     

    Mahabimani2Mahabhimani2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya