මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව ඊයේ රැස් වේ

    නොවැම්බර් 15, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.


    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් නොයන දුවා දරුවන් පාසල් අධ්‍යාපනය වෙත යොමු කිරීම සම්බන්ධව මෙහි දී විශේෂ අවධානය යොමු විය. පාසල් නොයන දුවා දරුවන් පාසල් අධ්‍යාපනය වෙත යොමු කිරීම මේ වන විට ජාතික වැඩසටහනක්  වශයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි. ඒ අනුව ඔක්තෝබර් 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා මාස 03ක කාල සීමාවක් තුළ මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව ග්‍රාම නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ විශේෂ අවධානය යටතේ මෙම දරුවන් හඳුනාගැනීම මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මකය.

     

    මෙහි දී විශේෂ අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත් වූයේ ග්‍රාමීය ප්‍රදේශයන් හි ව්‍යාප්ත වී ඇති අසභ්‍ය වීඩියෝ තැටි, අසභ්‍ය පුවත්පත් සහ විවිධ මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතර විවිධ ලෙස ජනප්‍රිය වී ඇති බවයි. එවැනි තත්ත්වයන් පොලිස් ඒකක ඍජු මැදිහත්වීමෙන් වළක්වා ගත යුතු බවට මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක් වූ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නා ය. ඒ සඳහා අධ්‍යපන ඒකකයන් හි සහය අවශ්‍ය බව ද ඇය පවසා සිටියා ය. එමෙන් ම දුවා දරුවන්ගේ අයිතීන් පමණක් නොව ඔවුන් වෙතින් දෙමාපියන් වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඉදිරියේ දී සංවිධානය කිරීමට මෙහිදී එකඟතාව පළ විය.

     

    මේ අවස්ථාව සඳහා අධ්‍යාපන කලාප නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නොවන ආයතන නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

     

     

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya