මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල් ළමාවිය සංවර්ධනයට ජාතික වැඩපිළිවෙළක්

    නොවැම්බර් 15, 2014
    දැයේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය පියවර ගනී.
     
    ඒ අනුව එහි මුල් අදියර ලෙස දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ව සේවය කරන මුල් ළමාවිය සංවර්ධන නිලධාරින්ගේ අදහස් ලබාගැනීමටත් ඒ අනුව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ප්‍රායෝගික අයුරින් භාවිතයට ගැනීමටත් පියවර ගෙන තිබේ.
     
    මේ යටතේ දීප ව්‍යාප්තව සේවය කරන මුල් ළමාවිය සංවර්ධන නිලධාරින්ගේ සේවය තවදුරටත් කාර්යක්ෂම හා ඵලදායි අයුරින් ලබාගැනීම සඳහා ධාරිතා වර්ධනය කිරිමේ විශේෂ පුහුණු වැඩමුළුවක් මේ මස 11-13 දෙදින පුරා පිළියන්දල වෑවල සුබෝධි පුහුණු ආයතනයේ දී පැවැත්විණි. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය සිදුවිය.
     
    “දේශයේ හෙට දිනය වෙනුවෙන් මුල් ළමාවිය නගමු සවියෙන්” යන තේමාව යටතේ පැවති මෙම පුහුණු වැඩමුළුව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332කට අනුයුක්තව සේවය කරන මුල් ළමාවිය සංවර්ධන නිලධාරින් සහ මුල් ළමාවිය සංවර්ධන සහකාර නිලධාරින් පැමිණ සිටියහ.
     
    ඒ අනුව මෙම නිලධාරින් සඳහා මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ විෂය දැනුම ආයතන සංග්‍රහය, කාර්යාල ක්‍රම මෙන් ම එදිනෙදා රාජකාරි කටයුතුවලදී අවශ්‍ය වන මුදල් රෙගුලාසි හා කාර්යාල කළමනාරණය, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහ ළමා ලේකම් කාර්යාලයේ ඉදිරි සැලසුම් පිළිබඳවත් ආදළ විෂය දැනුමැති දේශකයන් මගින් දැනුවත් කරන ලදි.
     
    එමෙන්ම මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ක්ෂේත්‍ර ගැටලු හඳුනාගැනීම හා ඒ අනුව රාජකාරි කිරීම පිළිබඳව මෙන්ම ව්‍යාපෘති වාර්තා සැකසීම, සංකල්ප පත්‍රිකා පිළියෙළ කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද මෙහි දී අවශ්‍ය දැනුම ලබාදෙන ලදී.
     
    විශේෂයෙන් මෙම නිලධාරීන්ගේ නායකත්වය හා පෞරුෂ සංවර්ධනය, ධනාත්මක චින්තනය ඇති කිරීම පිළිබඳව ද මෙහි දී අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට ළමා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබිණි.
     
    “මුල් ළමාවිය” යන වර්ගීකරණයට අයත් වන වයස අවුරුදු 5ට අඩු දරුවන් කෙරෙහි පමණක් නොව ගැබිනි මව්වරුන් සහ අවුරුදු 5ට වැඩි දරුවන් කෙරෙහි පවා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් අවධානය යොමු කර රාජකාරී කටයුතු කළ යුතු බව මෙහි දී අදහස්  දැක් වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.
     
    වත්මන් රජය මේ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරන බවත්, ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළදී උපාධිධාරීන් 2000කට ආසන්න පිරිසක් බඳවාගෙන සේවයේ යොදවා ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    විශේෂයෙන් 2005 වසර වන විටත් මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් සියයක පමණ පිරිසක් සිටි නමුත් මේ වන විට එය උතුරු නැගෙනහිර ද ආවරණය වන පරිදි 300 කට අධික පිරිසක් බවට පත්කර ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
     
    මුල් ළමාවිය සංවර්ධනය ශක්තිමත් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙවර අයවැයෙන් පෙරපාසල් ගුරුවරියන් වෙත මසකට රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමට පියවරගෙන තිබීම ඓතිහාසික තීරණයක් බවද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා තවදුරටත් පැවසීය.
     
    සමාරම්භක අවස්ථාවට ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා චන්දිමා සිගේරා, සහකාර අධ්‍යක්ෂ ඒ.එස්.ඒ. අතුකෝරාල, මහාචාර්ය එල්සි කොතලාවල, විශේෂඥ වෛද්‍ය නීල් තලගල යන මහත්ම මහත්මීන් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් 300කට අධික පිරිසක් පැමිණ සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya