මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරේ යන කෙනෙක් ගෙන් අසන තරමට විපක්ෂයේ පොදු අපේක්ෂකයා පොදු වී තියෙනවා

    නොවැම්බර් 15, 2014

    පාරේ ගමන් කරන අතරතුර ඕනෑ ම කෙනෙකුගේ පිටට තට්ටුකර ඔබද පොදු අපේක්ෂකයා යයි ඇසිය හැකි තරමට විපක්ෂයේ පොදු අපේක්ෂකයා පොදු වී ඇතැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


    මේ අද්භූත පොදු අපේක්ෂකයා සොයාගත් කෙනෙක් සඳහා ඇතෙක් බරට වස්තුව දිය හැකි බවත්, අවශ්‍ය නම් රූපවාහිනී නාලිකාවකට නිවැරදි ව පොදු අපේක්ෂකයා නම් කොට අපෙන් ලැබෙන මහා විශාල ත්‍යාගය දිනා ගන්නයි රියැලිටි වැඩසටහන් වුව ද ආරම්භ කළ හැකි යයි ද අමාත්‍යවරයා  මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    හෙතෙමෙ මෙම අදහස් පළ කළේ  “දිරිය නාගරික” නිවාස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 200ක් සඳහා රුපියල් මිලියන 40ක් වටිනා නිවාස ණය ප්‍රදානය කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

     

    මෙම උත්සවය ඊයේ (14) දින බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියරේ දෙවන මහලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

     

    “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “ජනසෙවණ” නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස අලුත්වැඩියා කරගැනීම සඳහා දිරිය නාගරික නිවාස ණය ලබාගත හැකිය. රුපියල් ලක්ෂ 2 ක උපරිමයක් දක්වා මෙම නිවාස ණය ලබාගැනීමට හැකියාව ඇත. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

     

    මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ලියනගේ, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමසිරි අමරසිංහ යන මහත්වරු, නිලධාරීහු, ප්‍රතිලාභීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


    DB/HC

     

    dirirya niwasa housing scheem 1

     

    dirirya niwasa housing scheem 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya