මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ශ‍්‍රී නාමය මේ කල්පය පවතින තුරා ඉර හඳ මෙන් බැබලෙනවා

    නොවැම්බර් 15, 2014

    ඉපැරණි අනුරාධපුර රාජධානියේ පිහිටි රුවන්වැලි චෛත්‍ය රාජයාණන්ට පමණක් දෙවන වන මහා චෛත්‍යයක් ඉදිකරන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ශ‍්‍රී නාමය මේ කල්පය පවතින තුරා ඉර හඳ මෙන් බැබලෙනු ඇතැයි උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පැවසීය.


    අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ රටට සාමය උදා කළ රණ විරුවන් ස්මරණය කිරීම උදෙසා ජනාධිපති උපදෙස් මත අනුරාධපුර පූජා භූමියේ ඉදිකරන සඳහිරු සෑයේ නිධන් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ සිට සර්වඥ ධාතු වැඩම කරවූ පෙරහැර දඹුල්ල ආසන්නයේ උතුරු මැද පිවිසුම් මාර්ගයේදී බැතිබරව පිළිගනිමිනි.

    එහිදී ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා හෙළ මහ රජවරු ලොව මවිත කරමින් අහස උසට මහා චෛත්‍ය රාජයාණන් වහන්සේලා ඉදිකර තිබේ. දුටුගැමුණු මහ රජතුමා, එළාර රාජ්‍ය පාලන සමය අවසන් කර රටට සාමය උදාකර රුවන්වැලි චෛත්‍ය රාජයානන් ඇතුළු මහා දාගැබ් රැසක් ඉදිකළා. ඒ අතීතය යළි සිහියට නංවමින් එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය හා ප‍්‍රභාකරන්ගේ තිස් වසරක රුදුරු ත‍්‍රස්තවාදය පරාජය කර රටට සාමය උදා කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා රට ජාතිය වෙනුවෙන් ජීවිතය ද ඇස්, ඉස්, මස්, ලේ පූජා කරමින් සටන් කළ රණ විරුවන් සිහිපත් කිරීම උදෙසා ඉපැරණි අනුරාධපුර රාජධානි පූජා භූමියේ රුවන්වැලි චෛත්‍යයට පමණක් දෙවන වන සේ සඳ හිරු සෑය ඉදිරනවා. එම සෑ රඳුන්ගේ තැන්පත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ සිට මහ ජනතාවගේ සාදුකාර හඬ මධ්‍යයේ වැඩම කළ සර්වඥ ධාතු පෙරහැර උතුරු මැද ජනතාව වෙනුවෙන් ගෞරවාන්විතව පිළිගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී කීය.

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ගුණ සුවඳ මේ රටේ ජනතාවගේ හදවත් තුළ සදා කාලයෙන් සදා කාලයට තැන්පත් වනු ඇතැයි ද උතුම් වූ සම්මා සම්බුදු දහමේ බලයෙන් සඳහිරු සෑය ඉදිකරන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට මේ රටත් ජාතියත් සුරක්‍ෂිත කිරීමට හේතු වාසනාව ලැබේවා යැයි උතුරු මැද ජනතාව ප‍්‍රාර්ථනා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya