2015 වසර සඳහා මාතර දිස්ත‍්‍රික්කය තුළ පවතින පුරප්පාඩු පිළිබඳ ව තොරතුරු ලබා ගැනීම, වෘත්තීය පුහුණු ආයතනවලින් මේ වසර තුළ පාඨමාලා අවසන් වන දරුවන්ගේ තොරතුරු ලබා ගැනීම හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් රැකියා අපේක්‍ෂිතයන්ගේ තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදු කිරීමට නියමිත ය.
මාතර දිස්ත‍්‍රික්කයේ රැකියා සේවා සපයන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතන මේ අවස්ථාවට සහභාගී වේ. රැකියා වෙළෙඳපොළ තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා යොමුවීම අවම මට්ටමක පවතින බැවින් හා අදාළ තනතුරුවලට ගැළපෙන ශ‍්‍රමිකයන් සොයා ගැනීම මහත් ගැටලුවක් වී ඇති බැවින් මෙම පියවර ගන්නා ලද බව මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානයේ මානව සම්පත් සංවර්ධන සහකාර දීප්ත රෝහණ මහතා පැවසීය.
මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානය හා ප‍්‍රජා ශක්ති සංවර්ධන පදනම එක්ව මෙම වැඩමුළුව සංවිධානය කෙරේ.
NDH/TI-dmu matara