මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාව සංචාරක ආකර්ෂණීයත්වයෙන් ලොව ඉහළ ම පිළිගැනීමට

    නොවැම්බර් 14, 2014

    ශී‍්‍ර ලංකාව සංචාරක ආකර්ෂණීය රටක් වශයෙන් ලෝකයේ ඉහළ ම පිළිගැනීමට ලක් ව තිබෙන බව ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසයි.

     

    මේ වන විට ශී‍්‍ර ලංකාවේ සංචාරක ඉපැයුම් 31.4% ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් 2013 වසරේ මුල් මාස නවයේදී සංචාරක ඉපැයුම අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.2ක් වූ අතර ඊට සාපේක්ෂ ව මේ වසරේ එම කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.6ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙන බව ද ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තා මඟින් පෙන්වා දෙයි.

    මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී පමණක් ශී‍්‍ර ලංකාවේ සංචාරක ඉපැයුම අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 152ක් බව පෙන්වා දෙන ශී‍්‍ර ලංකා මහ බැංකුව එය 2013 වසරේ සැප්තැම්බර් මාසයේ දී උපයාගත් අමෙරිකා එක්සත් ජනපද අමෙරිකා ඩොලර් මිලියන 122ට සාපේක්ෂව විශාල වර්ධනයක් බව ද සඳහන් කරයි.

    මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම 105,535ක ප‍්‍රමාණයක් සමඟින් 2013 වසරට අනුරූප කාලපරිච්ඡේදය සමඟ සැසඳීමේ දී 16.8%ක සතුටුදායක වර්ධනයක් අඛණ්ඩ ව වාර්තා කර ඇත. ඒ අනුව 2014 වසරේ පළමු මාස නවය තුළ දී සංචාරක පැමිණීම් 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 22.4‍%ක වර්ධනයක් වාර්තා කර තිබේ.

    සංචාරක පැමිණීමෙහි සැලකිය යුතු වර්ධනයක් මෙන්ම ඇස්තමේන්තු ගත දෛනික සමාන්‍ය වියදම ඉහළ යාම හේතුවෙන් 2014 වසරේ පළමු මාස නවය තුළ දී සමුච්චිත සංචාරක ඉපැයීම්, 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ අමෙරිකානු ඩොලර් බිලියන 1.2% සිට එ.ජ. ඩොලර් බිලියන 1.6 දක්වා 31.4%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද මහ බැංකුව පවසයි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya