මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සඳහා පුහුණු වැඩසටහනක්

    නොවැම්බර් 14, 2014

    වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතාගේ උපදෙස් මත එම මූලස්ථානය විසින් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 70 දෙනෙකු සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.


    පසුගිය සඳුදා සහ අඟහරුවාදා පැවති මේ පුහුණු වැඩසටහන වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම වැඩසටහනේ ආරම්භක දේශනය ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එච්.පී. සෙනවිරත්න මහතා  විසින් සිදු කරන ලදී.

    රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ලෙස තම රාජකාරිය ඉතා කාර්යක්ෂම අයුරින් ඉටු කළ යුතු ආකාරය පිළිබඳ ව දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya