අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේෂ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    නොවැම්බර් 12, 2014

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පළාත් නැඟුම වැඩසටහන යටතේ පේෂ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගියදා වලපනේ, නිල්දණ්ඩාහින්න ග්‍රාම සේවා වසමේ දී පැවැත්විණි. 


    මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් විශේෂ කර්මාන්ත ගම්මාන ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. මේ සඳහා රුපියල් මිලියන 110ක මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට අපේක්ෂිත අතර එමඟින් අත්යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ප්‍රාග්ධනය සම්පාදනය කිරීමට නියමිතය.

    එමෙන්ම රුපියල් ලක්ෂ 05ක මූල්‍ය ප්‍රතිපාදන යෙදවීම මඟින් ගොඩනැගිලි අලුත්වැඩියාව වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදුකිරීමට ද නියමිතය. පේෂකර්ම සහ අත්කම් නිර්මාණ සඳහා දේශීය සහ විදේශීය වශයෙන් ඉතා ඉහළ ඉල්ලුමක් පවතී. එබැවින් මෙම කර්මාන්තය තුළ නියැළීම තුළින් ඉහළ ආදායමක් උපදවා ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන් ම ස්වයංරැකිය ප්‍රවර්ධනය කිරීම තුළින් තම නිවස තුළ සිට ම මෙම කර්මාන්තය හා සම්බන්ධ වීමට අවස්ථාව හිමි වේ. අවසානයේ සියලු නිෂ්පාදන මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුව මඟින් මිලදී ගැනීමට නියමිත බැවින් රැකියා සුරක්ෂිතභාවය ද ඉහළ අගයක පවතිනු ඇත. මෙම කර්මාන්තයේ නියැළෙන්නන් හට නොමිලේ පුහුණු අවස්ථා, රක්ෂණ ක්‍රම විධි ද මෙහි දී හඳුන්වා දීම සිදු විය.

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර මෙම අවස්ථාව සඳහා පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා එම මහත්මිය, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මිය සහ මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු ස්වයංරැකියා කර්මාන්තකරුවන් 40කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya