අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ ආපදා අවස්ථාවන්හි කැපවී සේවය කළ ග්‍රාම නිලධාරීන් ඇගයුමට

    නොවැම්බර් 12, 2014

    පසුගිය සති කිහිපය පුරා ඇති වූ අයහපත් කාලගුණය නිසා නායයෑමේ අවදානම ඇතිවීම හේතුවෙන් අනතුරුදායක ස්ථානවලින් ප්‍රදේශවාසීන් ඉවත් කිරීම සිදු විය. ඒ අනුව ඔවුන් ආරක්ෂිත ව තාවකාලික කඳවුරුගත කිරීම සිදු වූ අතර මෙම අවස්ථාව සඳහා අදාළ ග්‍රාම සේවා වසම් හි ග්‍රාම නිලධාරීවරුන්ගෙන් ලද සහයෝගය ඉතා ඉහළ අගයක පැවැතිණි. මේ පිළිබඳ ව ඇගයීමට ලක් කෙරුණු විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


    මෙහිදී නුවරඑළිය බටහිර ග්‍රාම නිලධාරී වසමේ එල්.ජී.ජී. ජයරත්න ග්‍රාම නිලධාරී මහතා වෙත ප්‍රශංසාත්මක ලිපියක් ප්‍රදානය කිරීම දිස්ත්‍රික් ලේකම්තුමා වෙතින් සිදු විය. එම ග්‍රාම නිලධාරී මහතා විසින් කඳවුරුගත කොට සිටින ජනතාවගේ තොරතුරු ගොනුව, ආපදාවන්ට ලක්වන අනතුරු ඇඟවීම් සහිත ප්‍රදේශ, සහනාධාර වැඩසටහන පිළිබඳ ව නිසි කළමනාකාරිත්වයකින් යුක්ත ව ක්‍රියාකිරීම මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමාගේ විශේෂ ඇගයීමට ලක් විය. මේ පිළිබඳ ව ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාලිකා මඟින් ද විශේෂ ඇගයීමට ලක් කළ බව මේ සාකච්ඡාවේදී හෙළි කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පෙන්වා දුන්නේ පැය 08කට පමණක් රාජ්‍ය සේවය සීමා නො විය යුතු බවත් සිය සේවයේ කැපවීම හා විනිවිදභාවය මනා යහපාලනයකට මගපාදන බවත්ය.  එමෙන් ම කාර්යශූර ග්‍රාම නිලධාරීන්ගේ උපදේශනය නවක ග්‍රාම නිලධාරීන්ට මහත් ආදර්ශයක් බවත් දිස්ත්‍රික් ලේකම්තුමා විසින් පෙන්වා දෙන ලදී.

    මේ අවස්ථාව සඳහා ග්‍රාම නිලධාරීහු රැසක් සහභාගී වී සිටිය හ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya