මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලිමංකඩ ලුණු ලේවායෙන් මෙට්රික් ටොන් 25,000ක්

    නොවැම්බර් 10, 2014
    අලිමංකඩ ලුණු ලේවායේ අක්කර 330ක ප්‍රමාණයක් පළමු අදියර යටතේ සංවර්ධනය කොට මේ වසරේ දී අවසන් කරන බවත් ඒ හරහා මෙට්රික් ටොන් 25,000ක ලුණු නිෂ්පාදනයක් බලාපොරොත්තු වන බවත් සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. සිනඥානසෝති මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    2015 වසරේ දී තවත් අක්කර 450ක් සංවර්ධනය කිරීමට නියමිත අතර මෙට්රික් ටොන් 25,000ක ලුණු නිෂ්පාදනයක් බලාපොරොත්තු වේ. 
     
    2011 වසරේ දී කිතුල් අපනයනයෙන් මිලියන 26ක ආදායමක්, 2012 වසරේ දී රුපියල් මිලියන 58ක ආදායමක් සහ 2013 වසරේ දී රුපියල් මිලියන 69ක අපනයන ආදායමක් ලබාගෙන ඇත.  
     
    ඉන්දියානු රජයේ ආධාර ඇතිව හම්බන්තොට කාවන්තිස්සපුර ඉදි කළ හස්ත කර්මාන්ත අලෙවි ගම්මානය ලබන මාසයේ දී විවෘත කිරීම නියමිත අතර 2015 වසරේ දී යාපනය කයිතඩි හි ගම්මානය ද ජනතා අයිතියට පැවරේ.
     
    පසුගිය වසර කිහිපයක් පුරා දිවයින පුරා විවිධ දිස්ත්‍රික්කවල සංවර්ධනය කළ කර්මාන්ත ගම්මාන පිළිබඳ ව ලේකම්වරයා විසින් කරුණු ඉදිරිපත් කළේය.මෙවර අය-වැය නව නිර්මාණ මෙන් දැනුම මුල්කරගත් අය-වැයක් බවත් ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya