මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙදුම්වාදීන්ගේ සැලසුම් පරාජය කළ යුතුයි

    නොවැම්බර් 10, 2014
    මීළඟ ජනාධිපතිවරණයේ දී ඊලාම් සිහිනය සැබෑ කරගත හැකි අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරවීම සඳහා බෙදුම්වාදී සියලු දෙස් විදෙස් බලවේග ඉතා සියුම් සැලසුම් රැසක් දැන් සිටම සැලසුම් කරමින් පවතින බවත් රටට ආදරය කරන සියලු ශ්‍රී ලාංකිකයන් එකතු වී මෙම සියලු සැලසුම් පරාජය කිරීමට එකාවන්ව පෙළගැසී සිටිය යුතු බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. 
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දකුණු කොරියාවේ අන්සානි හිදී ඊයේ (09) දින පැවති දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමක් අමතමිනි.
     
    දකුණු කොරියාවේ රැකියාවල නිරත ව සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යන නිවාස වැඩපිළිවෙළ පිළිබඳ ව ප්‍රථමයෙන් සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ පළාත් 4ක් කේන්ද්‍ර කරගනිමින් ලබන වසරේ දී මෙම නව නිවාස වැඩසටහන ආරම්භ කරන බවයි. බස්නාහිර, මධ්‍යම, දකුණ හා සබරගමුව එම පළාත් හතර වේ.
     
    "දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් 28,000ක් පමණ රැකියාවල නිරත වෙනවා. ඔවුන් යළි ශ්‍රී ලංකාවට යන විට යන්නේ නිවසක් පිළිබඳ බලාපොරොත්තු රැසක් තබාගෙනයි. නිසි කළමනාකරණයකින් තොරව නිවාස හදන්න ගියොත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙම තරුණ පිරිසගේ නිවාස සිහිනය සැබෑ කරගන්නයි අවශ්‍යය. ඒ සඳහා දකුණු කොරියාවේ රජයේ සහයෝගයත් ඉල්ලලා තියෙනවා. ඔවුන් සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර සිටිනවා. දකුණු කොරියාව ඒ සඳහා සහයෝගය ලබාදුන්නත් නැතත් ශ්‍රී ලංකා රජය විසින් මෙම නිවාස ව්‍යාපෘති ඉදිකරනු ලබනවා. ඒ සඳහා බැංකු සමඟ සාකච්ඡා කරනවා. එය සාර්ථක කරගැනීමට ඔබගේ සහයෝගයත් අත්‍යවශ්‍යයි. අපේ ඉඩම් තියෙනවා. ඔබ ළඟ මුදල් තියෙනවා. 25%ක් මූලිකව ගෙවලා ඉතිරි මුදල් සහන පොලියකට වාරික මඟින් ගෙවන්න බැංකු සමඟ සාකච්ඡා කරලා අවස්ථාව ලබාදෙනවා. එවිට ඉතිරි මුදලින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරමින් රටේ සංවර්ධනය වෙනුවෙන් ඉතා හොඳ ආයෝජනයක් කරන්න අවස්ථාව ලබාදී තියෙනවා".  
     
    "ඔබටත් පුළුවන් තමන්ගේ රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න. ඊට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම අපේ යුතුකමක්. මෙවැනි නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වුණොත් ඔබගේ මනසේ තිබෙන බර අඩුකරගෙන එවැනි ආයෝජන අවස්ථාවලට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්"
     
    මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ද විමල් වීරවංශ අමාත්‍යවරයා අදහස් දැක්වීය.
     
    රටට ආදරය කරන සියලු ශ්‍රී ලාංකිකයන් එක්වෙලා සියලු කුමන්ත්‍රණ පරාජය කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    දකුණු කොරියාවේ අන්සාන් හි පිහිටි විගමනිකයන්ගේ සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවති මෙම රැස්වීමට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න, විගමනිකයන්ගේ සේවා මධ්‍යස්ථානයේ නිලධාරීහු, දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයෝ ඇතළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    මෙම හමුව සංවිධානකර තිබුණේ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya