නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද දරුවන් තිදෙනෙකුගේ භාරකරත්වය ළඟම ඥාතීන්ට

    නොවැම්බර් 09, 2014
    හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද පසුගියදා නායයාමේ සිද්ධියෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් තිදෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මැදිහත්වීමෙන් සිය ළඟ ම ඥාතීන්ට භාර දීම පසුගියදා සිදු කෙරිණ.
     
    ඒ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ලබාගත් නියෝග මතයි. 
     
    එම ළමුන් තිදෙනා පිළිබඳ ව පසුවිපරම් කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලැබේ. 
     
    එමෙන් ම මෙම නාය යෑමේ සිදුධියෙන් අවතැන්ව සිටින ළමයින්ගේ මානසික තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු ළමා ආරක්ෂක අධිකාරිය මගින් මේ වන විටත් සිදු කරමින් පවතී. ඒ සඳහා විශේෂ නිලධාරීන් පිරිසක් අවතැන් කඳවුරුවල රාජකාරී කටයුතු සඳහා සම්බන්ධීකරණය කිරීමට යොදවා ඇත.
     
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මියගේ උපදෙස් මත මෙම කටයුතු සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya