නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු අධිවේගයේ පළමු අදියර මේ මස ඇරඹේ

    නොවැම්බර් 09, 2014
    උතුරු අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මේ මස ආරම්භ කීරීමට සැලසුම් කර ඇත. මංතීරු හතරකින් සමන්විත මෙම මාර්ගය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන හතරකට ආසන්න මුදලක් වැයවේ.
     
    කොළඹ පිටත වටරවුම් මාර්ගයේ එඬේරමුල්ල සිට දඹුල්ල දක්වා ඉදිකරනු ලබන පළමු අදියර යටතේ මීරිගම, පොතුහැර, කුරුණෑගල, මැල්සිරිපුර සහ ගලේවෙල යන ප්‍රධාන නගර ආවරණය වේ.
     
    මෙම අදියරේ ම කොටසක් ලෙස නුවර පිවිසුම් මාර්ගය ද ඉදිකෙරෙන අතර එය පොතුහැරින් ආරම්භ වී ගන්නෝරුවෙන් අවසන් වේ.
     
    මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් මේ මස අග භාගයේ දී ගලේවෙල, ගලගෙදර, රඹුක්කන හා කුරුණෑගලින් ද ආරම්භ කරනු ලැබේ. ඉදිකිරීම් කටයුතු 2018 වසරේ දී නිම කිරීමට අපේක්ෂිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya