මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හල්දුම්මුල්ලට තවදුරටත් සහන

    නොවැම්බර් 07, 2014
    හල්දුම්මුල්ල නායයාමෙන් අවතැන් වූ ළමුන් හා කාන්තාවන් සඳහා සහන සේවා සැපයීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය නිරන්තර සේවාවක නිරත වී සිටී. එම සහන සේවා නිරීක්ෂණය කිරීම සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු පිරිසක් අදාළ ප්‍රදේශවල දෙවන වරටත් ඊයේ (6) සංචාරයක නිරත වූහ. 
     
    මීට‍ පෙර කරන ලද සංචාරයන් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු  අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් හදිසි සහන කටයුතු සඳහා රුපියල් මිලියන 2.5ක මුදලක් අදාළ අංශ වෙත යොමු කරන ලදී. එම සංචාරය තුළ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ මැදිහත් වීමෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසකට සහන සේවාවන් ප්‍රවේශ කර තිබේ.
     
    මෙම සංචාරයේ දී අදාළ සේවාවන්ගේ වර්තාමාන තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කරන ලද අතර අත්‍යවශ්‍ය අනෙකුත් සේවාවන් සම්පාදනය සඳහා අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් උපදෙස් ලබාදෙන ලදි.
     
    විශේෂයෙන් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගය සඳහා මුහුණ දීමට මෙම නායයාමෙන් විපතට පත් දරුදැරියන් 12 ක් සිටින බව පූනාගල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති ආර්. මොහාන් මහතා අමාත්‍යවරයා වෙත දැනුම් දුන්නේ ය. ඒ අනුව මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාගයට මුහුණදීමට සිටින දරුවන් ඇතුළු අනෙකුත් අවතැන්ව සිටින දරුවන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික කටයුතු නිසි මඟපෙන්වීමක් යටතේ සිදුකිරීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින දරුවන් සඳහා පුනරීක්ෂණ සහ විශේෂ සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
     
    ඒ සඳහා විශේෂ උපදේශකවරුන් පිරිසක් පත්කර ඇති අතර නිශ්චිත කාල සටහනකට අනුව අදාළ අධ්‍යාපන කටයුතු සිදු කෙරේ. ඒ අවතැන් වූ සමස්ත ළමුන් සඳහා සිදු කෙරෙන ‍මනෝ වෛද්‍ය සේවාවන්ට අමතරව ය.
     
    මේ අතර නායයැමෙන් අවතැන් වූ දරුවන් අතර සිටින මව්පියන් එනම් මව සහ පියා යන දෙදෙනාම අහිමි දරුවන් ‍තිදෙනා ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධීක්ෂණයට යටත් කොට ඥාතීන්ට භාර කර ඇත. ඔවුන්ගේ අනාගත සාමාජීය හා අධ්‍යාපන කටයුතු ජාතික ළමාරක්ෂක අධිකාරියේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිත ය. ඒ සඳහා සියලු පහසුකම් සලසා දෙන ලෙසට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
     
    මේ  වන විට කොස්ලන්ද හා පුනාගල අවතැන් කඳවුරු ඒකාබද්ධ කිරීමට ද අවධානය යොමු ව ඇත. මෙවැනි ඒකාබද්ධතාවකින් පසු අවතැන්වූවන් සඳහා ලබා දී ඇති පහසුකම් තවදුරටත් ගුණාත්මක ව ඉහළ නැංවීම සඳහා අදාළ අංශවල සාකච්ජා සිදු කෙරෙමින් පවති. කෙසේ වෙතත් පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් කණ්ඩායමක් අදාළ අවතැන් කඳවුරුවල නේවාසිකව සහන සේවා සපයමින් සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya