මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය ගැන ගාල්ලේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

    නොවැම්බර් 07, 2014

    2015 වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අය-වැය යෝජනා පිළිබඳ ගාල්ල දිස්ත්‍රික්කයේ නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ මූලිකත්වයෙන් සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනෙකුගේ ද සහභාගිත්වයෙන් ගාල්ල “හෝල් දි ගෝල්” ශාලාවේදී පැවැත්විණි.

     

    පසුගිය 04 වැනි දා පැවති මෙම සාකච්ඡාවට ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවන ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන් ම සැලසුම් සහකාර අධ්‍යක්ෂවරු ද සහභාගී වූහ. බාධාවකින් තොර ව මෙන් ම එකාකාරව ජනතා යහපත සැලසෙන අයුරින් අය-වැය යෝජනාවලිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන් සාකච්ඡා කරන ලදී.

     

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය සහ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ආදී අමාත්‍යාංශ ලේකම්වරු මෙහිදී විවිධ පැතිකඩයන් පිළිබඳ ව විවරණය කරන ලද අතර, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරීන් මෙම කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන විවිධ ගැටලු හා ඒ සම්බන්ධ ඵලදායී යෝජනා ද ඉදිරිපත් කර තිබේ.

     

    දැයට කිරුළ වැඩසටහන යටතේ ඉඩම් ගැටලු විසඳීම, ආගමික කටයුතු සම්බන්ධ විශේෂ වැඩසටහන සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම එහිදී පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු කෙරිණි.

     

    මේ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අදාළ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් පිරිසක් මෙන් ම කළුතර දිස්ත්‍රික් ලේකම් ද විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ද  සහභාගී වූහ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya