මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු අධිවේගි මාර්ගයේ නුවර - කොළඹ කොටස සම්බන්ධයෙන් ජනතාව‍ දැනුවත් කිරීමක්

    නොවැම්බර් 07, 2014

    රජය මඟින් ඉදිකිරීමට නියමිත උතුරු අධිවේගී මාර්ගයේ මහනුවර - කොළඹ කොටස ඉදිකිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ‍මහජන දේශනයක් ලබන 11 වැනි දින ප.ව. 4. 00 සිට 5.00 දක්වා මහනුවර ඊ.එල්. සේනානනායක පුස්තකාල ශාලාවේදී පැවැත්වෙනු ඇත.


    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් ශාඛාව මඟින් මේ වැඩමුළුව සංවිධානය කොට තිබේ. ඉදිකිරීමට නියමිත මාර්ගයේ වත්මන් තත්ත්වය, ප්‍රතිලාභ  සහ අනාගත බලාපොරොත්තු  ආදිය සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කිරීමට නියමිතය.

    විවෘත දැනුවත් කිරීමේ වැඩසටහනක් වන මෙහිදී උතුරු අධිවේගී මාර්ගයේ කොළඹ - නුවර කොටස පිළිබද ජනතාවගේ අදහස් උදහස් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.වී.එස්. වීරකොන් මහතා පවසයි.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya