මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මරණයට කැප වූ ගවයින් 100ක් යාපනයේ දිළිඳු ජනතාව අතර බෙදාදෙයි

    නොවැම්බර් 07, 2014
    ශ්‍රී බෝධි රාජ පදනමේ සභාපති පූජ්‍ය ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන් විසින් මරණයට කැපව සිටිය දී නිදහස් කරගත් ගවයන් 100ක් යාපනයේ දිළිඳු පවුල් 100ක් අතර බෙදාදීම පසුගියදා යාපනය පුස්තකාලය අභියස දී පැවැත්විණි.
     
    මරණයට කැපවූ ගවයන් දිළිඳු ජනතාව අතර බෙදාදීම මගින් යාපනයේ ආර්ථිකය සවිමත් කිරීමට උපකාර කිරීමත්, කිරි නිෂ්පාදනය වැඩි කිරීමට උපකාර කිරීම හා උතුරු දකුණු ජනතාව මිත‍්‍රත්වය තහවුරු කිරීමත් අරමුණු කොටගෙන සිදුකරන ලද මෙම උතුම් කාර්යයෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද්දේ යාපනය ආරක්‍ෂක සේනාව මගිනි.
     
    මෙම අවස්ථාවට ශ්‍රී බෝධි රාජ පදනමේ සභාපති පූජ්‍ය ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන්, බෞද්ධ, හින්දු හා මුස්ලිම් ආගමික නායකයන්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා මහතා ඇතුළු ජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya