මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර නව විදුලි යෝජනා ක්‍රම ජනතා අයිතියට

    නොවැම්බර් 07, 2014
    රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ රක්වාන මැතිවරණ කොට්ඨාසයන්හි මෙතෙක් විදුලිය නොලැබූ දුෂ්කර ගම්මාන ඉලක්ක කරගනිමින් ඉදිකළ විදුල යෝජනා ක්‍රම කිහිපයක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජනතා අයිතියට පැවරිණි.
     
    මේ යටතේ කලවාන මැතිවරණ කොට්ඨාසයේ කැප්පෙටිපොළවත්ත විදුලි යෝජනා ක්‍රම 03ක් හා උමං ගෙදර විදුලි යෝජනා ක්‍රමයත්, රක්වාන මැතිවරණ කොට්ඨාසයේ එළමල්පේ විදුලි යෝජනා ක්‍රමයත් අමාත්‍යවරිය අතින් ජනතා අයිතියට පත් කරන ලදී.
     
    මේ සඳහා රජය විසින් වැය කරන ලද මුදල රුපියල් මිලියන 63ක් වන අතර මෙම විදුලි යෝජනා ක්‍රම ක්‍රියාත්මකවීමත් සමඟ පවුල් 500කට පමණ විදුලිය පහසුකම් සැපයේ.
     
    රත්නපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ද මෙම අවස්ථාවන්ට එක්විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya