මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චියට විශේෂ ආර්ථික කලාපයක් - උතුරු පළාත් ආණ්ඩුකාර

    නොවැම්බර් 07, 2014

    කිලිනොච්චියේ විශේෂ ආර්ථික කලාපයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

    යාපනය, මුලතිව් සහ වවුනියා යන ප්‍රදේශ මෙම ආර්ථික කලාපය මඟින් ආවරණය කෙරෙන බව මේජර් ජෙනරල් චන්ද්‍රසිරි මහතා කෙටි සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.

     

    උතුරු පළාතේ කෘෂිකාර්මික, ධීවර හා කාර්මික යන ක්ෂේත්‍ර නඟාලීම මෙම ආර්ථික කලාපය මඟින් අපේකෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය එක් එක් අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

     

    පළමු අදියර යටතේ වෙළඳසැල් 40කින් හා කාර්යාල පහසුකම්වලින් සමන්විත ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට නියමිත අතර ඉදිරි අදියරවලදී ආර්ථික මධ්‍යස්ථාන පහසුකම් පුළුල් කිරීමට සැලසුම් කර ඇත. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය විසින් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට නියමිතය.

     

    මෙම විශේෂ ආර්ථික කලාපය සඳහා යාල් දේවී දුම්රිය සේවාවේ පුනරාගමනය ද සුවිශේෂී අත්වැලක් සපයනු ඇතැයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය. උතුරේ නිෂ්පාදන කොළඔ වෙළඳ පොළට ඉක්මණින් සැපයීමට මෙම දුම්රිය සේවාව ඉවහල් වනු ඇති අතර එම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ද පහළ යනු ඇති බවත් එය ආර්ථික වශයෙන් උතුරේ ගොවීන්ට හා කර්මාන්තවලට විශාල අත්වැලක් වනු ඇතැයි මේජර් ජෙනරල් චන්ද්‍රසිරි මහතා පැවසීය. මෙම දුම්රිය සේවාව උතුර දකුණ එකට යා කරන ශක්තිමත් බැම්මක් ලෙස උතුරේ හා දකුණේ මිනිසුන්ට විශාල සහයක් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya