මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමීය මාර්ග සංවර්ධනයට පියවර

    නොවැම්බර් 07, 2014
    අධිවේගී මාර්ග හා මනාව සම්බන්ධ වූ ජාතික මහාමාර්ග සමඟින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන මාර්ග ජාලය වැඩිදියුණු කිරීමට සමගාමී ව ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනයා ප‍්‍රධාන මාර්ග ජාලය හා සම්බන්ධ කිරීම සඳහා ග‍්‍රාමීය මාර්ග ජාලය වැඩිදියුණු කිරීමට රජය අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් වු ගිවිසුම් දෙකකට පසුගිය දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ දී අස්සන් තැබී ය.
     
    මෙම ගිවිසුම් දෙක සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ ලේකම් පී. බී ජයසුන්දර මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද, ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත ශ්‍රී විදෝවතී මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ද අස්සන් කොට ඇත.
     
    මෙම ව්‍යාපෘතිය දකුණු, සබරගමු, මධ්‍යම, උතුරු මැද, වයඹ පළාත් තුළ සහ කළුතර දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඇ.ඩො. මිලියන 800ක ණය මුදලක් ලබාදීමට එකඟතාවය පළකර ඇති අතර මේ සඳහා ඇ.ඩො. මිලියන 106ක මුදලක් රජය විසින් ආයෝජනය කරනු ඇත. 
     
    සමස්ත ​​ආයෝජන ​වැඩසටහන ​මඟින් ​ග්‍රාමීය මාර්ග කී.මී. 3106ක් සහ ජාතික මාර්ග කී.මී. 260ක් වැඩිදියුණු කිරීමට​අපේක්ෂිත ය.
     
    මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් කටයුතු කරන අතර සමස්ත වැඩසටහන 2024 මාර්තු 30වන දා අවසන් කිරීමට සැලසුම් කර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya