මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ විශාල අඩුවීමක්

    නොවැම්බර් 06, 2014

    කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය සමස්තයක් ලෙස සලකා බලන විට විශාල අඩුවීමක් පෙනෙන්නට ඇති බව පසුගියදා පැවති කොළඹ දිස්ත්‍රික් ඩෙංගු කමිටු රැස්වීමේ දී අතිරේක ප්‍රාදේශීය රෝග විශේෂඥ ඩබ්.ඒ.වයි. වෙඩිසිංහ මහතා අවධාරණය කළේය.


    එහෙත් ගොඩනැගිලි ඉදිකිරීම් කෙරෙන ස්ථානවල ජලය එකතු වන කාණුවල රාජ්‍ය ආයතන හා පූජා භූමි, පාසල් ආශ්‍රිත ව ඉවත දමා ඇති කන්ටේනර් අංගනවල ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    කෙසේ වුව ද රත්මලාන, හෝමාගම, හංවැල්ල, කඩුවෙල, කොළොන්නාව, පාදුක්ක වැනි බල ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තියේ අවම මට්ටමක් පෙන්නුම් කරයි. එහෙත් බොරලැස්ගමුව, නීලම්මහර ග්‍රාම නිලධාරී වසම තුළ එක්වර රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බව මෙම කමිටුවේ දී අනාවරණය විය. විශේෂයෙන් ම මහරගම ප්‍රාදේශීය බල ප්‍රදේශයේ විහාරස්ථානවල විශාල ලෙස ඩෙංගු කාරකයින් ඇති බව වෛද්‍ය ඩබ්.ඒ.වයි. වෙඩිසිංහ මහතා පැවසීය.

    මෙම බල ප්‍රදේශයේ විහාරස්ථාන 54ක් තිබෙන අතර එම පූජා භූමි ප්‍රමාණවත් ලෙස පිරිසිදු නොවීම මෙයට හේතුව බව ඒ මහතා පෙන්වා දෙයි. එම නිසා මෙම පූජා භූමි ආශ්‍රිත පෙරපාසල්වල, දහම් පාසල්වල දරුවන්ට ඩෙංගු වැළදීමේ අවදානම වැඩිය. මේ සම්බන්ධ ව දායක සභාව, දහම් පාසල්, ශාසනාරක්ෂක බල මණ්ඩල දැනුවත් කර විහාරස්ථාන ආශ්‍රිත ව වැඩසටහන් කඩිනම් කිරීමට වැඩ කටයුතු සැලසුම් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතා උපදෙස් දුන්නේය.

    NDH/WJ-dmu colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya