මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "2014 දැයට සෙවණ ජාතික රුක්රෝපණ වැඩසටහනට" සමගාමීව නුවරඑළියේ විශේෂ වැඩසටහන්

    නොවැම්බර් 06, 2014

    ලබන නොවැම්බර් 15 වෙනි දිනට යෙදී තිබෙන 2014 දැයට සෙවණ ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමී ව විශේෂ වැඩසටහන් කිහිපයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.


    එය නිමිතිකොට ගෙන නුවරඑළිය දිසාපති නිල නිවස යාබදව පිහිටා ඇති විශේෂ පරිසර කලාපය තුළ ද රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව වඳ වී යන ශාක, ආවේණික පලතුරු පැළ, ආයුර්වේද ශාක ඇතුළු ව විශේෂ වන වගාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.


    මීට අමතරව අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය සැමරීම සඳහා වාර්ෂික ව සංවිධානය කරනු ලබන රුක්රෝපණ වැඩසටහන නොවැම්බර් 17 වෙනි දින පෙ.ව 10.00ට රම්බොඩ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේ පැළ තවාන ආශ්‍රිතව සිදු කිරීමට නියමිතය.

    මේ අවස්ථාව සඳහා පරිසර නියමු පාසල් ශිෂ්‍යභට දුවා දරුවන් 50කගේ සහභාගීත්වය හිමි වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ වේ.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා අවශ්‍ය අනුග්‍රහය සපයන අතර නුවරඑළිය දිස්ත්‍රික් පරිසර කමිටුව නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතය.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya