මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනයට ජනාධිපති කොමිෂන් සභාවේ විශේෂ ජනහමු අවසන්

    නොවැම්බර් 06, 2014
    අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ විශේෂ ජනහමුවක් මුලතිව් දිස්ති‍්‍රක්කයේ ස්ථාන කිහිපයක දී පැවති අතර අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය සහ පැමිණිලි භාරගැනීම මෙහි දී සිදු කෙරිණි. එම ජන හමුව ඊයේ (05) දිනෙන් අවසන් වන බව කොමිෂන් සභාව පැවසීය.
     
    ඒ අනුව මුහුදුබඩපත්තුව සහ ඔඩ්ඩුසුඩාන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි මෙම මහජන හමු පැවැත්වෙන අතර මීට පෙර උතුරු හා නැගෙනහිර පළාත්හි යාපනය, කිලිනොච්චිය, මඩකළපුව, මුලතිව් සහ මන්නාරම දිස්ත‍්‍රක්කයන් අවරණය වන පරිදි මහජන හමු පවත්වා තිබේ.
     
    අතුරුදන්වීම් හා පැහැර ගැනීම්වලට ලක් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා සත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම කොමිසම පත්කර තිබෙන අතර මේ වන විට ඒ සඳහා පැමිණිලි 19, 471ක් ලැබී තිබේ. එයින් පැමිණිලි 14,471ක් මහජනතාවගෙන් ලැබුණු ඒවා වන අතර සෙසු පැමිණිලි 5,000ක් ආරක්ෂක අංශවලින් ලැබුණු ඒවා ය. මේ අතර කොමිෂන් සභාව මේ වන විට පුද්ගලයන් විශාල පිරිසකගෙන් සාක්ෂි ද ලබා ගෙන තිබේ. ජනතාවගේ සුබසෙත සඳහා මෙම කොමිසම පත් කිරීමට තීරණය කර ඇති අතර මෙවැනි සිදුවීම් ඉදිරියට නොවන ලෙස කටයුතු කිරීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳ නිර්දේශයන් ඉදිරිපත් කරන ලෙස ද ජනාපධිති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත නියෝග කර ඇත.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya