මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රැඳවියන් 18ක් මෙවර සාමාන්‍ය පෙළට

    නොවැම්බර් 05, 2014
    හෝමාගම සුනීත විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන බන්ධනාගාර නේවාසික රැඳවියන් 18ක් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේකෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ සංවර්ධන කටයුතු හා ප්‍රගතිය පිළිබඳ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේ ය.
     
    පාසල් වයසේ පසුවන බන්ධනාගාර නේවාසික රැඳවියන්ටත් අධ්‍යාපනය ලබා දීම අරමුණු කරමින් ලංකාවේ ප්‍රථම බන්ධනාගාර පාසල ලෙස හෝමාගම සුනීත විද්‍යාලය ආරම්භ කරන ලදී.
     
    රුපියල් මිලියන 20ක රාජ්‍ය ආයෝජනයෙන් මෙම විද්‍යාලය ඉදි කර ඇත. පාසල් වයසේ පසුවන බන්ධනාගාර නේවාසික රැඳවියන් බොහෝ සංඛ්‍යාවක් මෙම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබති.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya