මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ කොරියානු මහ කොමසාරිස් යාපනයේ සංචාරයක

    නොවැම්බර් 05, 2014

    ශ්‍රී ලංකාවේ කොරියානු මහ කොමසාරිස් ෂාංවෝන් ෂාම් මහතා ඊයේ (04) යාපනයේ සංචාරයක නිරත විය. එම සංචාරයේදී ෂාම් මහතා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් ලේකම් අරුමයිනායගම් සුන්දරම් මහතා හමු විය.

    එම හමුවේදී යාපනයේ වත්මන් තත්වය හා කොරියාවේ සහය යටතේ යාපනයේ ක්‍රියාත්මක කෙරෙන කාර්මික හා වාණිජ කර්මාන්ත පිළිබඳව සාකච්ඡා කළ බව අරුමයිනායගම් සුන්දරම් මහතා ප්‍රකාශ කළේය.

     

    උතුරේ සංවර්ධනය සඳහා කොරියාවේ සහය ඉදිරියටත් ලබා දෙන අතර දැනට කොරියාවේ සහයෙන් ක්‍රියාත්මක කෙරෙන තාක්ෂණික පුහුණු පාඨමාලා ඉදිරියේදීත් උතුරු නැගෙනහිර ජනතාවට ලබා දීමට සූදානම් බවත් ෂාම් මහතා පැවසූ බව  සුන්දරම් මහතා තවදුරටත් කියා සිටියේය.

     

    ශ්‍රී ලංකාවේ ජනතාව සිය සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන බව තමන් අත්දුටු බව ෂාම් මහතා එම හමුවේදී ප්‍රකාශ කළ බව සුන්දරම් මහතා පැවසීය.

     

    SDF

     

    Jaffna 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya