මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසු සැරිය බස්රථ නිරීක්ෂණය සඳහා GPS තාක්‍ෂණය

    නොවැම්බර් 05, 2014
    සිසු සැරිය බස්රථ නිරීක්‍ෂණය කිරීම සඳහා GPS තාක්‍ෂණය යොදා ගැනීමට පියවර ගෙන ඇත. 
     
    ඇතැම් සිසු සැරිය බස්රථ සේවා විධිමත්ව ධාවනය නොවීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් සිසු සැරිය බස්රථ නිරීක්‍ෂණය කිරීම සඳහා GPS තාක්‍ෂණය යොදා ගන්නා ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් දෙනු ලැබුයේ පසුගිය දා අමාත්‍යංශයේ පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිණි. සිසු සැරිය සේවාව සඳහා ලංගම මෙන් ම පෞද්ගලික බස්රථ ද යොදාගෙන ඇති බැවින් ඒවායේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා පැහැදිලි ව පිටතට දිස්වන අයුරින් ස්ටිකරයක් ප‍්‍රදර්ශනය කරන ලෙසට ද අමාත්‍යවරයා මෙහි දි උපදෙස් දෙනු ලැබී ය.
     
    සිසු සැරිය බස් රථයක් සඳහා රජය වර්ෂයකට රුපියල් ලක්‍ෂ 05ක් වැයකරයි. පාසැල් දරුවන් ආරක්‍ෂිත හා කාර්යක්‍ෂම ලෙසින් තම නිවසේ සිට පාසැල දක්වාත් නැවත පාසැලේ සිට නිවස දක්වාත් රැගෙන යාමේ ජාතික වැදගත්කම අවබෝධ කොටගෙන රජය මෙම වැඩසටහන සඳහා මුල්‍ය දායකත්වය ලබාදෙයි. එබැවින් එහි ප‍්‍රතිඵලය දරුවන්ට මෙන් ම දෙමාපියන්ටද ලබාදිය යුතු ව ඇත. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහි දි අවධාරණය කළේ ය. 
     
    එමෙන් ම සිසු සැරිය බස්රථ සේවාවේ ධාවන තත්ත්වයන් පිළිබඳ ව පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් හා දරුවන් ද දැනුම්වත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් දෙනු ලැබී ය.
     
    අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ වන විටත් අන්තර්පළාත් සිසු සැරිය බස්රථ සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙසට GPS තාක්‍ෂණය භාවිතා කෙරේ. එමගින් එම බස්රථ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පාලක මැදිරිය ඔස්සේ නිරීක්‍ෂණය කරනු ලබයි. සිසු සැරිය යනු පාසැල් සිසුන් සඳහා ම පමණක් වෙන්වු සේවාවක් වන අතර සිසුන්ගෙන් අයකරනු ලබන්නේ ගමන් ගාස්තුවෙන් අඩක් පමණි. 
     
    එමගින් එම පවුල්වල ආර්ථිකයට සහනයක් ලබාදීම රජයේ අපේක්‍ෂාව යි. කලට වේලාවට පාසලට ඒමට හා ආපසු නිවසට යාමට අවකාශය ලබාදීම,  ඕනෑම පාසලක සිසුවකුට ගමන් කළ හැකිවීම සිසු සැරිය සේවාවේ විශේෂත්ව ය යි. එමෙන් ම අධික වාහන තදබදය අවම කර ගැනීමට, ධාවන කාලය අඩුකර ගැනීමට, ඉන්ධන නාස්තිය වළක්වා ගැනීමට හා පරිසර දුෂණය අවම කරගැනීමට මෙම සේවාව තුළින් අවස්ථාව ලැබී ඇත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya