මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරුණ සංවිධාන ප්‍රතිසංවිධානය කෙරේ

    නොවැම්බර් 05, 2014
    කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ රැස්වීම් මාලාව 11දා කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
     
    උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ සහ වයඹ  පළාත් සභා මන්ත්‍රී නීතිඥ පියුමාල් හේරත් මහතාගේ ආරාධනයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, 'නිල් බලකාය' සහ 'තාරුණ්‍යයට හෙටක්' සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් මාලාව පැවැත්වීමට නියමිත ය.
     
    ඒ අනුව 11දා ප.ව. 4.00ට වැල්ලව නගරය, ප.ව. 5.00ට කුඩා ගල්ගමුව මංසන්ධිය, ප.ව.6.00ට  මහව මංසංධිය, ප.ව 7.00ට  කුරුණෑගල, බණ්ඩාරනායකපුර අදි ස්ථානවල මෙම රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya