මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවිජන විනිශ්චය සභා වසර 14කට පසු යළි පණ ගැන්වේ

    නොවැම්බර් 05, 2014
    ගොවි ජනතාවගේ භාරකරුවන් වෙමින් ඔවුන් ආරක්ෂා කරගෙන තිරසාර සංවර්ධනයේ අරමුණු සපුරාලමින් ‍ගොවිජන දෙපාර්තමේන්තුව ‍රටේ ආර්ථිකයට බලපාන වැදගත්ම දෙපාර්තමේන්තුව ලෙස පත්කර ගත යුතු ව ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවි විනිශ්චය සභා සඳහා පත් කළ නිළධාරින් වෙත අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී ඊයේ (04) පැවති උත්සවයේදී ය. 
     
    වසර 1957 ඔක්තෝබර් මස ඇරඹුණු ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන 557ක් රටපුරා පිහිටා තිබේ. රටපුරා දිස්ත්‍රික්ක 25 සඳහා මෙම ගොවිජන විනිශ්ච සභා 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවි ජන සංවර්ධන පනතේ 39/(1) වගන්තිය යටතේ පත්කර තිබේ.
     
    ගොවිජන පනතට අදාළ ක්‍රියාකාරකම්, ගොවින් ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික ඉඩම් කළමනාකරණය, පුරං කුඹුරු අස්වැද්දීම, සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, ගොවි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම වැනි වැඩසටහන් ගොවිජන සේවා මධ්‍යස්ථාන යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. දැනට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක පිරිස 12,000කට ආසන්න ය.
     
    මෙහිදී වැඩිදුරට‍ත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රණය ඉතා විශාලවන අතර එය රට පුරා සෑම ග්‍රාමසේවාවක්ම යටතේ ම ක්‍රියාත්මක වන අතර ගොවි ජනතාවට අවශය සියලු සේවා සපයන ස්ථාන ලෙස ගොවිජන සේවා මධ්‍යස්ථාන නඟාසිටුවීම රජයේ අරමුණ බවයි.
     
    මෙම උත්සවයට විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, ගොවිජන සේවා කොමසාරිස් සුනිල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya