මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා අපයෝජන හා කාන්තා හිංසන වැ‍‍‍ළැක්වීමට නව වැඩසටහනක්

    නොවැම්බර් 05, 2014
    ළමා අපයෝජන හා කාන්තා හිංසන වැ‍‍ළැක්වීම අරමුණු කර ගනිමින් නව වැඩසටහනක් ආරම්‍භ කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය පියවර ගනී.
     
    ඒ අනුව දිවයිනේ වැඩි ම ළමා හා කාන්තා හිංසන සිදුවන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකරමින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ළමා හා කාන්තා සංවර්ධන ඒකක පිහිටුවීම ආරම්භ කර තිබේ. ඒ සඳහා මෙම අමාත්‍යංශය රුපියල් මිලියන 23ක් වෙන් කර ඇත.
     
    ඒ යටතේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකිරීමට නියමිත ළමා හා කාන්තා සංවර්ධන ඒකකයට මුල්ගල තැබීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරි‍ණි.
     
    මෙම ළමා හා කාන්තා සංවර්ධන ඒකකය පිහිටුවීමෙන් අනතුරුව එහි සිට තම රාජකාරි කටයතු කරගැනීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයීය නිලධාරීන්ට අවස්ථාව උදාවෙයි.
     
    ඒ අනුව එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයට අයත් ක්ෂේත්‍ර නිලධාරීන් හය දෙනෙක් සේවය කරන අතර එම බල ප්‍රදේශයේ සිදුවන ළමා හා කාන්තා හිංසන සොයා බලා වාර්තා කර ඊට පිළියම් යෙදීමට අවශ්‍ය දත්ත තොරතුරු රැස් කිරීම මෙම නිලධාරීන් මගින් සිදුකරගැනීම මෙම නව ඒකක පිහිටුවීමේ අරමුණ යි. ඒ සඳහා අවශ්‍ය පරිගණක ඇතුළු කාර්යාලයීය උපකරණ ද අමාත්‍යංශය මගින් ලබාදෙයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya